කැන්ගරුවන්ට එරෙහිව සිංහයෝ සෙල්ලම් කරපු පලවෙනි එක්දින තරඟයේ හයිලයිට්ස්!

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) රාත්‍රියේ නිමාවූ පළමු වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 කින් පරාජය කළහ. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඕස්ට්‍රේලියානුවෝ පෙරමුණ ගත්හ. ප්‍රධාන පුවරුවේ සටහන් වූ ලකුණු සංඛ්‍යාව ඕස්ට්‍රේලියානුවන්ට සටනක් දීමට තරම් ප්‍රමාණවත් නොවූ නමුත් ඒ කරා පහසුවෙන් ළඟාවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර නොදුන්හ. ජයග්‍රහණයට ලකුණු 38 ක් තරම මෑතින් සිටියදීත් ලකුණු 32 ක් ඇතුළත ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිවුදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ ලක්ෂාන් සඳකැන් සහ ඩිල්රුවන් පෙරේරා සංචාරකයන්ගේ නළල රැළි නැංවීමට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 38 කට දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 227 කට සීමා කළ ජේම්ස් ෆෝක්නර් තමන්ගේ වෙහෙස අපතේ යා නොදී ඕස්ට්‍රේලියානු පිල ජයටැඹ කරා කැඳවාගෙන යමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය.

Share this post with your friends!