රියදුරන් නොමැති කුලී රථ සේවාවක් ළඟදීමට පාරට!

කුලීරථ සේවාව මෑත කාලයේ ඉදලා ඉතා ඉක්මනින් දියුණු මට්ටමට ඇවිත් තියෙනවා. පිටරටට සමානව අපේ රටෙත් මේ වෙන කොට කුලී රථ ජංගම දුරකථනයෙය් තියෙන App එකක් හරහා තමන්ගේ කකුල් දෙකගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒත් අපි කියන්න යන්නේ ඒ තාක්ෂණය ගැන නෙමෙයි. රියදුරන් නොමැතිව ආරම්භ වෙන්න යන කුලී රථ සේවාවක් ගැනයි. ලොව ප්‍රමුඛ පෙළේ කුලී රථ සේවාවක් වන Uber සමාගම තමයි මේ අත්දැකීම පළවැනි වතාවට ලෝකෙට හදුන්වා දෙන්න යන්නේ. රියදුරන් නොමැති මේ කුලී රථ සේවාව පෙන්සෙල්වේනියාවේ පිට්ස්බර්ග් නගරයෙන් තමයි ආරම්භ වෙන්න යන්නේ. සුඛෝපභෝගී කුලී රථ වාහන සපයන Uber සමාගම Volvo XC90 මෝටර් රථයේ තමයි රියදුරන් නොමැති ස්වයංක්‍රීය පද්ධතිය සවිකරලා තියෙන්නේ. මේ වැඩේ වෙන හැටි ඔයාලා පහතින් බලන්න…

Share this post with your friends!