හුදකලා සටනක නිරත වුනු සංගා අන්තිම පන්දුවේදි ගහපු හතරෙන් ජයඝෝෂා එක්ක පිටියට දෙදරයි!

එංගලන්තයේ පැවැත්වෙන රෝයල් ලන්ඩනන් එක්දින කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගය ඊයේ (18) පැවැත් වුණා. ඒ සරේ කණ්ඩායම සහ නෝර්ත්හැම්ප්න්ට්ෂයර් කණ්ඩායම අතරයි.
මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නු නෝර්ත්හැම්ප්න්ට්ෂයර් කණ්ඩායම පන්දුවාර 49කදි සියලුදෙනා දැවී ලකුණු 276ක් රැස්කර ගත්තා. අනතුරුව පිටියට පැමිණි සරේ කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර හුදකලා සටනක නිරත වෙමින් අවසන් පන්දුව දක්වා ක්‍රීඩා කරමින් එම අවසන් පන්දුවේදි එල්ල කළ හතරේ පහරකින් සරේ කණ්ඩායමට ජය ගෙන දුන්නා. සංග පන්දු 145කදි ලකුණු 130ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමගින්. සංගා කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන් අවසන් හතරේ පහර පහතින් බලන්න…

Share this post with your friends!