වල්ලා පට්ට තුල සැඟව ඇති විශ්මිත දේ…කියවලම බලන්න!

නොයෙක් හේතුන් නිසා තවමත් නිති විරෝධි ශාක විශේෂයක් ලෙස සැලකුවද වල්ලා පට්ට යනු අපට නුහුරු නමක් නොවේ.අද වන විට එය සීමිත අපනයනයකට ලක්ව ඇත.ප්‍රංශ සුවඳ විලවුන් අන්තර්ගතයක් ලෙසද මෙය භාවිතා කරන අතර සමේ හා පෙනහළු රෝග සඳහා මෙන්ම ජීර්ණ අපහසුතා මඟ හරවන විශේෂ ඖෂධයක් ලෙසද මෙය කදිම ඖෂධයකි.

මෙහි ඇති වටිනාකම

Wallapatta-5

විද්‍යාත්මකව ජිනෝප්සිස් වල්ලා අතර මෙම වල්ලා පට්ට විශේෂක අටකින් සමන්විතය. මෙය ඉතා බෙහෙවින් සුවඳ විලවුන් කේෂේත්‍රයේ භාවිතය සඳහා යොදා ගනි.නමුත් අපට දේශියව සොයා ගත හැක්කේ ජිනෝපසිස් වල්ලා නැමැති දේය. මෙය තවමත් පරික්ෂන මට්ටමේ පවතින ශාකයක් මෙන්ම අප රටේ සරසවි මහාචාර්යවරුන්ද මෙය සුවිශේෂි ගණයේ ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. මෙහි කඳින් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ එතරම් සොයාගෙන නොමැති අතර මෙහි ඇති වාණිජමය වටිනාකම පිළිබඳ සොයා බැලීමට මේ වන විට ජයවර්ධන පුර සරසවියේ ආචාර්ය උපුල් සුබසිංහ හා ඔහුගේ කණ්ඩායම පරික්ෂන පවත්වමින් පවති. නොයෙකුත් රටවල් වලද මෙයට ඇති උනන්දුව අධික වුවත් නිති විරෝධි ක්‍රියා නිසා මෙය තුරන්ව පවති.

නිති විරෝධි අස්වනු නෙළීම

Wallapatta-1

අගර්වුඩ් නැමැති සැකිල්ල ලබා ගැනීම සඳහා බොහෝ අය මෙම ශාක විනාශ කිරිම මෙම ශාක වගාව සිමිත කිරිමට තවත් එක් හේතුවකි.මෙය තෙත් කලාපියව වැවෙන ශාකයකි.ඉතා සිමිත වශයෙන් වර්ධනය වේ.ආචාර්ය සුබසිංහ පවසන අන්දමට මෙම අස්වනු නෙළා මුදල් ලබා ගැනීමට මිනිසා යෙදෙන අසීමිත පරිශ්‍රමයද මෙය සිමිත වීමට තවත් එක් හේතුවකි.

ප්‍රතිපදාවක අවශ්‍යතාවය.

Wallapatta-4

රතු දත්ත පොත තුල 2012 වර්ශය වන තෙක් වල්ලා පට්ට සැලකුවේ අවධානයෙන් අඩු ශාකයක් ලෙසටය.2012 දී නිතිවිරෝධි අස්වනු ගැනීමට උත්සාහා කරන නිසා මෙය තහනම් කොට අපනයද වැලැක්වීය. නමුත් යම් කිසි ප්‍රතිපදාවකට අනුව දැන් සීමිතව තෝරාගත් පිරිස තුල මේවා වගා කල මෙම ශාකය තුලින් යහපත් ආර්ථික ප්‍රථිපල ලබා ගැනීමට ක්‍රියා කරයි.නමුත් තවමත් නිසියාකාර ප්‍රතිපාදන වල හිඟකම නිසා මෙය වගා කිරීමට මැලිකමක් දක්වන්නේ මෙයට ඇති තහංචි නිසා බව ආචාර්ය උපුල් සුබසිංහවැඩි දුරටත් පවසයි.මෙය ව්‍යාප්ත කොට නිසි ඵල ලබා ගැනීම සඳහා නියමිත ප්‍රතිපදාවක් ඇති බව නිසැකය.

අන්තර්ජාතික වටිනාකම

මෙහි තුල ඇති සංඝටක වෙන් වෙන්ව ගැනීමට අපහසු කම නිසාම මෙය ලෝකය තුල ද යම් සිමවකට ලක්ව ඇත. එමෙන්ම මෙය නිති විරෝධිව මත් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නිසා ලෝක වෙළඳ පළ තුලද මෙය සීමාකරණයකට ලක්ව ඇත.නමුත් අනාගතයේ මෙහි ඇති වටිනාකම තුලින් මෙයට නව මුහුණුවරක් ලබා ගත හැකි බව නම් නිසැකය.

  • හොරබඩු ජාවාරම් කරුවන් විසින් නිතිවිරෝධිව 2015 දි වල්ලා පට්ට කිලෝ 80.73 සහිතව අල්ලා ගැනීම
  • ජනවාරි 17 තවත් එවැනි කිලෝ 23.4ක් ඇල්ලීම
  • මේවා ශ්‍රී ලංකා රේගුව විසින් අල්ලා ගත් ඒවාය….මේ හේතුන් මත මේවා සිමාකරණයකට ලක්වේ.

Share this post with your friends!