දුප්පත් රටක සිට පැමිණි අහිංසකාවිය රියෝ ඔලිම්පික් උළෙල පිස්සු වට්ටයි!

කොසෝවෝ රාජ්‍යය කියන්නේ ඇත්තටම දුප්පත් රටක්. කොසෝවෝ සහභාගිවන පළමු ඔලිම්පික් උළෙල තමයි 2016 ගිම්හාන ඔලිම්පික් උළෙල. පළවෙනි ඔලිම්පික් උළෙලෙන් ම රන් පදක්කමක් දිනාගන්න කොසොවෝ රාජ්‍යයට පුළුවන් වුණා. ඒ කාන්තා කිලෝග්‍රෑම් 52 ජූඩෝ තරඟයෙන්. ඒ රන් පදක්කම දිනා දුන්නේ මලින්ඩා කෙමෙන්ඩිට. අවසන් තරඟය බ්‍රසීලයේ වේලාවෙන් අගෝස්තු 7 වනදා රාත්‍රියේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 8 වැනිදා අලුයම පැවැත්වුණා .

මලින්ඩා කෙමෙන්ඩි අතින් අවසන් තරඟයේදී පරාජය වූයේ ඉතාලියේ ඔඩෙට් ගියුෆ්‍රෙඩා. මලින්ඩා කෙමෙන්ඩි උපත ලද්දේ 1991 මැයි 9 වනදා. ඒ වර්තමානයේ කොසොවෝ රාජ්‍යයයේ බටහිරට වන්නට පිහිටි පෙජා නගරයේදී. ඒ වෙද්දී එම ප්‍රදේශය යුගෝස්ලාවියාවේ කොටසක්. කොසෝවෝ ප්‍රාන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ 2008 පෙබරවාරියේ මාසයේ. එත් 2012 දී එරටට ඔලිම්පික් වරම් ලැබුණේ නෑ. ඒ නිසා මලින්ඩා කෙමෙන්ඩි ඇල්බේනියා ධජය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වුණා.2013 දී සහ 2014 දී සිය ඉසව්වෙන් ලෝක ශූරතාව දිනපු මලින්ඩා කෙමෙන්ඩි මෙවර, ඒ කියන්නේ තමන්ගේ රට සහභාගී වුණු පළමු ඔලිම්පික් උළෙලේදී, කොසෝවෝ ධජය රැගෙන ගිය පුද්ගලයා විදිහටත් ඉතිහාසයට එක්වුණා.කියන්නේ තමන්ගේ රට සහභාගී වුණු පළමු ඔලිම්පික් උළෙලේදී, කොසෝවෝ ධජය රැගෙන ගිය පුද්ගලයා විදිහටත් ඉතිහාසයට එක්වුණා.

13942757_10201855111455040_1576040492_n

13937004_10201855108334962_994040676_n

13936466_10201855111295036_1318696256_n

Share this post with your friends!