සංගා ගහපු හතරේ පහරකින් ‍ජැමෙයිකාවට කුසලානය හිමිවෙයි!

කැරේබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගන්න ජැමෙයිකා ටල්වාන්ස් කණ්ඩායම සමත් වුණා. අවසන් මහා තරගයට තරග වැදුනේ ජැමෙයිකා ටල්වාන් කණ්ඩායම සහ ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායමයි. මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවකදි සියලුදෙනා දැවී ලකුණු 93ක් රැස්කර ගත්තා. එහිදී තරමක් හෝ සාර්ථක වුනේ ෂොහේල් ටන්වීර්. ඔහු ලකුණු 42ක් රැස්කර ගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැමෙයිකා ටල්වාන් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5කදි එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 95ක් රැස්කර ගත්තා. පන්දුවට පහරදීමේදි ක්‍රිස්ගේල් ලකුණු 54ක් ලබාගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් එක්කයි. ඊට අමතරව ෂේන් වොට්සන් නොදැවී ලකුණු 25ක් සහ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 12ක් ලබාගත්තා. ඒ අනුව කැරේබියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුළු 9කින් ජය ගැනීමට ජැමෙයිකා ටල්වාන් කණ්ඩායමට හැකි වුණා.



cpl-scor-card

Share this post with your friends!