පුතාගේ රෝහල් ගාස්තු ගෙවන්න වැයවන අධික මුදල නිසා මැරතන් දුවපු තාත්තෙක්…මාරයි නේ!

dad-runs-marathon-for-sons-hospital-bills-2
කශේරුකා ප්‍රදාහයේ ජන්ම ආබාධයකින් උපන් මාස 9 ක් වන ලීම් නැමැති පුතු බේරා ගැනීම සඳහා එම පුතුගේ පියා වන මැරතන් ශූර මෝර්ස්මන් නැමැත්තා දින අටක් මුළුල්ලේ මැරතන් ධාවන 3 ක් ධාවනය කරමින් ඩොලර් 5750ක් මුදලක් ඉපයිමට සමත් වුවා.
bryan-morseman-1
මෙම 29 හැවිරිදි පුද්ගලයාට මෙය අමුත්තක් නොවන අතර ඔහු 2008 සිට මැරතන් ධාවන 42 කින් 23ක් ක්ම ජයග්‍රහණය කර ඇත්තෙකි.ඔහුගේ පුතු වෙනුවෙන් මේ දැරු උත්සාහය නම් අති විශිෂ්ඨය.
මක් නිසාද දින 8ක් මුළුල්ලේ ධාවනය කිරීම පහසු දෙයක් නොවන නිසාය.තවමත් මෙම බ්‍රයන් නැමැති ධාවන් ශූරයාගේ පුතුට නොයෙක් ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි. මේ නිසා ‘ගොෆන්ඩ්මි’ යන වෙබ් පිටුව ඔස්සේ තව දුරටත් මිනිසුන්ගේ නොමඳ සහාය පතමින් මෙම පුතුව බේරා ගැනීම ඔහුගේ වෑයමයි.මෙය සැබැවින්ම අගය කල යුත්තකි.
dad-runs-marathon-for-sons-hospital-bills-3

Share this post with your friends!