ඔලිම්පික් ගිනි සිළුවේ ඉතිහාසය මේකයි!

olymic-3
ලොව පළමුවරට ඔලිම්පික් උළෙලක් පැවැත්වූයේ ක්‍රි:පූ 776 දීය. එතැන් පටන් සෑම වසර හතරකට වරක්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවත්වුණා. ඔලිම්පික් හා සැබඳි සුවිශේෂීම දේ තමයි ඔලිම්පික් ගිනි සිළුව.

ඔලිම්පික් ගිනි සිළුව දල්වා සෑම ක්‍රීඩකයකුම අනිවාර්යයෙන් අතින් අත යවා ග්‍රීසිය පුරා රැගෙන ගොස් ඔලිම්පියා හි “හේරා” දෙවඟනට අයත් දේවස්ථානයෙහි අල්තාරයක් මත විශාල තැටියක දැල්වීම සිදුකරනු ලබනවා. එම තැටිය මුළු තරගාවලිය පුරාම දැල්වීමට තබන්නේ එම නිසා සාමය, පිරිසුදුකම ලබා දෙන බැවිනි.

1928දී ඇමැස්ටර්ඩෑම්හි පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේදී ගිනි සිළුව ලොවපුරා ගෙන නොගිය නමුත් අල්තාරයක් මත දල්වනු ලැබුණා. 1936දී ඔලිම්පික් තරගය පැවැත්වූයේ ජර්මනියේය.

මෙම තරගයට නැවැත ගිනි සිළුව රැගෙන යෑම සිදුකළ යුතු බවට ඛ්චපත ච්ඪඥථ ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම මෙම ගිනි සිළුව ඔලිම්පියාවේදී දල්වා අතීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උලෙල යන සම්බන්ධ ඇති කරලීමට කටයුතු කර තිබුණා.
olympic-1
මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීසියේ ඔලිම්පියාහිදී ගිනි සිළුව දල්වා ජර්මනියේ බර්ලින්හි ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණයට ගෙන එනු ලැබුවා. 1964 ඔස්ටි්‍රයාවේ ඇමැස්ටර්ඩෑම් ශීත ඔලිම්පික් උළෙලේ සිට සෑම ඔලිම්පික් උළෙලකම ආරම්භයට දින 80කට පෙර ග්‍රීසියේ. ඔලිම්පියාහිදී ගිනි සිළුව දල්වා තිබෙනවා. මෙසේ ග්‍රීසියේ ඔලිම්පියාහිදී දල්වන ගිනි සිළුව මුල් කාලය තුළදී නිර්මාණය කරන ලද ගිනි සිළු එතරම් නිර්මාණශීලී නොවුණා.

1960දී බ්ධඩද ඩ්ඥදජඩ නම් වූ ඩිස්නි සමාගමේ සේවකයකු විසින් නිර්මාණය කළ ගිනි සිළුව වර්තමාන ගිනි සිළුවේ හැඩයහි ආරම්භය වුණා. මේ වන විට ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන රටට, සංස්කෘතියට ආවේණික ලෙස ගිනි සිළුව නිර්මාණය කරනු ලබනවා. අවුරුදු හතරෙන් හතරට ගිනි සිළුවට කොපමණ වෙනස්කම් සිදුකෙරුණත් ඒ අතර නොවෙනස්වන දේවල් තුනක් තිබෙනවා. එනම් ගිනි දැල්ල සඳහා අවශ්‍ය තෙල්, තෙල් දැල්වෙන ක්‍රම, අඩුබර හා ආරක්‍ෂාවයි. මෙලෙස දල්වනු ලබන ගිනි සිළුව මුළු ගමනා ගමන කාලයේදීම දැල්වී තිබීම අනිවාර්යය වෙනවා. එය සුළඟ, වැස්ස, හිම කාලගුණ තත්ත්වවලට මෙන්ම කඳු, කාන්තාර, සාගර ආදී පරිසරවලට දැල්වී තිබිය යුතු වෙනවා.
olympic-06
තවද බර 1.4ඬඨ _ 1.8ඬඨ වීම, රැගෙන යන්නාගේ අත රත්වීම වැළකීම, සම්පූර්ණ දුර හා ඊට වැඩිවන ලෙස දැල්වීමට අවශ්‍ය තෙල් රඳවා තිබීම, ඕනෑම කාලගුණ තත්ත්වයකදී ගිනි සිළුව පැහැදිලිව දිස් වීම ද අනිවාර්ය වෙනවා. 2000දී සිඩ්නිහි පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේදී සාගරය යටින් ගෙන යා හැකිවන පරිදි සුවිශේෂී ආකාරයට ගිනි සිළුව නිර්මාණය කර තිබුණා. ඉහත දැක්වෙන ලද සියලුම කරුණුවලට අනුකූල ලෙස නිර්මාණය කරනු ලබන පුද්ගලයන් හෝ කණ්ඩායම් ඔවුන්ගේ නිර්මාණ ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කර පරීක්‍ෂා කර බලා තවදුරටත් දියුණු කරනු ලබනවා.

එම නිර්මාණ අතරින් තෝරාගන්නා එක් නිර්මාණයක් ඔලිම්පික් උළෙලේ නිල ගිනි සිළුව වශයෙන් තෝරාගනු ලබනවා. මෙවැනි පහන්සිළු 10,000 _ 15,000 පමණ නිර්මාණය කරනු ලබන අතර එම පහන්සිළු රැගෙන යෑමට නම් කරනු ලබන්නන්ට එය සිහිවටනයක් ලෙස මිලදී ගත හැකිවෙනවා. අතීතයේ ගිනි සිළුව දිගු වේලාවක් දල්වා තබා ගැනීමට වෙඩි බෙහෙත් හා ඔලිව් තෙල් මිශ්‍රණ සාන්ද්‍රණයක් හා කපුරුද යොදා ගනු ලබනවා.
olympic03
1955දී පැවැත්වුණු ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව වැඩි පරිදි දැල්වීමට මැග්නීසියම් හා ඇලුමිනියම් යොදා ගැනීමෙන් එම සිළුව රැගෙන ගිය පුද්ගලයාට අනතුරුද සිදුවුණා. 1972 සිට ඒ සඳහා දියර වර්ග භාවිතය එක් කරගත්තා. මේ වන විට බෘටේන් හා ප්‍රොසේන් වායුව මිශ්‍රකර එය යොදාගනු ලබනවා. ගිනි සිළුව රැගෙන යෑමට වයස අවුරුදු 14ට වැඩිවීම, එය 400ථ වැඩිදුරක් රැගෙන යෑමට හැකි වීම යන සුදුසුකම් බලපානු ලබනවා ආබාධිත පුද්ගලයකුටද තම රෝද පුටුව ආධාරයෙන් රැගෙන යා හැකි වෙනවා.

මෙලෙස ගිනි සිළුව රැගෙන යන පුද්ගලයන් පසු පසින් ආරක්‍ෂකයන්, ප්‍රථමාධාර කණ්ඩායම්, මාධ්‍යවේදීන් සහ අතිරේකව ගිනි සිළුව රැගෙන යෑමට අයකුද ගමන් කරනු ලබනවා. ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා නිර්මාණය කර තිබූ ගිනි සිළුව ලන්ඩන්හි වෙසෙන ඡ්ඤඹචපඤ ඕචඡඥප සහ බ්චර ර්ණීඵඨඥපඡර විසින් නිර්මාණය කර තිබුණා. මෙය රන් ආලේපිත ඇලුමිනියම් හා ඇලොයි තහඩුවෙන් නිර්මාණය කර තිබූ අතර බරින් 800ඨක් වන අතර එම සිළුවේ බර අඩු කිරීමට ගිනි සිළුව වටා සිදුරු 8,000ක් පමණ පැවැතුණා.

සමාධි ඕබඩ ආරච්චි
මව්බිම

Share this post with your friends!