ව්‍යාකූල මිනිසෙක් සිංහ කුඩුවකට වැටෙයි.නමුත් ඔහු දක්වන ප්‍රතිචාරය මාරම මාරයි!

ඔන්න තායිවානයෙන් තවත් මිනිසෙක් සිංහ කුඩුවකට පැනපු සිද්ධියක් වර්තා වුනා…..මෙසේ සිංහ කුඩුවට පැන ඇත්තේ 46 හැවිරිදි ජියාන්ග් හෝ චෙන් නැමැති අයෙක්ය. තායිවාන තැපෙයි සත්ව උද්‍යානයේදී මෙය සිදුව ඇත.මෙම මානසික වික්ශිප්ත භාවයෙන් පෙලෙන මිනිසා තම ඇඳුම් උනා මෙම සිංහ කුඩුව තුල සිටි සිංහයින් දෙදෙනාට අත වනමින් එම සිංහයන්ගේ අවධානය ලබා ගැනීමට උත්සාහා කිරීය.

මෙම මිනිසා බේරා ගැනීම සඳහා එරට සත්ව බලධාරීන් විශාල පීඩනයකින් යුත් ජලය මෙම සිංහයන්ට ඉසිමින් මෙම භායානක සත්වයින් මෙම මිනිසා ළඟට යාම වලක්වනු ලැබුවා.මොහුව බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදු කිරීමට හැකි වුවත් චෙන්ව බරපතල ලෙස සපා කෑම් වලට ලක්ව ඇත. පශු වෛද්‍ය චි-හුවා-චැන්ග් පවසන අන්දමට මෙවැනි අනුවන ක්‍රියා නිසා සත්වයින්ද අනතුරට ලක් විය හැකි බවයි.

Share this post with your friends!