හිනාවෙන් හැමදේම කියපු සඳකැන් ගැන ලෝකෙම කතාවුණු පන්දුයැවීම – වීඩියෝ!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මහනුවර – පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ (29) තරඟය නිමා කරන විට ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 185ක් ලබා ගත යුතු වනවා. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනිමින් ඊයේ තරඟයේදී ලක්ෂාන් සඳකැන් විශිෂ්ඨ පන්දුවක් යොමු කළා. පිතිකරු Burns සම්පුර්ණයෙන් අසරණ කළ එම අපුරු පන්දුව පහතින් නරඹන්න

Share this post with your friends!