විදෙස් තරුණයින් 3ක් දියේ ගිලෙනවා දැක්ක ලංකාවේ තරුණයා මුහුදට පැන කළ වික්‍රමය – එක්කෙනෙක් මැරිලා!

ගාල්ල හබරාදුව තල්පේ ප්‍රදේශයේදී අද පෙරවරු 11 ට පමන විදේශීය තරුණයින් 4 දෙනකු තල්පේ මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙනවා. එයින් තරුණයින් තිදෙනකු දියේ ගසාගෙන ගොස් දියේ ගිලී තිබෙනවා. එම සිද්දිය දුටු අසල සිටි ලාංකික තරුණයෙක් වහා ක්‍රීයාත්මක වී දියේ ගිලුණු තිදෙනා ‍බේරාගැනීමට උස්සාහ දරා තිබෙනවා. එම ස්ථානයේ දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන අතර තම ඡීවිතය ගැන නොසලකා ලාංකික තරුණයා දියේ පොර බදා තිදෙනාම බේරා ගොඩට ගෙනවිත් තිබෙනවා. නමුත් පසුව ගොඩට ගෙනා තරුණයා කරාපිටිය රෝහලට රැගෙන ගියද පසුව මිය ගිහින් තිබෙනවා. බේරාගත් අනිත් තරුණයින් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැහැ. මෙම තරුණයින් රෝහල් ගත කිරීම සදහා හබරාදූව පොලිසියේ ඡිප් රථයක් පැමිණ ඇති අතර ඡීවිත බේරා ගැනීමට උදව් කල තරුණයාද පොලිස් ඡිප් රියේ දියේ ගිලුනු අය රෝහල් ගතකිරීමට කරාපිටිය රෝහලට පැමින තිබෙනවා. මෙම අනතුරට මුහුනදුන් විදේශිය තරුණයින් ඇෆ්ගන් ඡාතිකයින් වන අතර වයස අවු 16-17 යන වයස්වල පසුවේ.
මිය ගිය තරුණයා 16 හැවිරිදි ඡලින් හසන් නම් වේ. මේ අතර මෙම තරණයින් 4 දෙනා සතුව විදේශ ගමන් බලපත්‍ර‍ කිසිවක් තිබී නැහැ. එම නිසා මෙම තරුණයින් තිදෙනා හබරාදුව පොලිස් බාරයට අරගෙන තිබෙනවා.

Share this post with your friends!