ඉතියෝපියාවේ ‘අපායේ දොරටුව’!

ගින්දර සමග සෙල්ලම් කරන්නට කැමති අයට ඒ සඳහා මේ ලෝකයේ තිබෙන හොඳම තැන ඉතියෝපියාවේ තිබෙන ‘අපායේ දොරටුව’යි.

ඉතියෝපියාවේ එර්ටා ආලේ ගිනි කන්දේ එක් යමහල් විවරයක් වන මෙය/ලොකයේ දීර්ඝම කාලයක් නොකඩවා සක්‍රිය වී තිබෙන ලාවා විල ද වනවා. එර්ටා ආලේ හෙවත් ඉතියෝපියානු බසින් ‘දුම් දමන කඳුවැටියේ ’ පිහිටා තිබෙන මෙහි 1906 වසරේ සිට ම ලාවා දුම් දමනවා. කෙසේ නමුත් නමගිය ඡායාරූප ශිල්පියෙක් වන ජොයෙල් සැන්ටෝස්ගේ අදහස නම් මේ බුබුලු දමන ලාවා විලට ඉහළින් ද්‍රෝන යානා පියාසර කරවීම සිදුකළහොත් ලෝකයේ දුර්ලභම ඡායාරූප ගත හැකි බවයි. පෙර නොවූ විරූ කෝනවලින් යමහලේ අසිරිය කැමරාවට හසුකර ගතහැකි බවයි. නමුත් ඒ සඳහා අපායේ දොරටුව අබියසට යාම ඔහු මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ ඒ අසල උෂ්ණත්වය සෙල්සියස් අංශක එක්දහස් එකසීයක් තරම් වන නිසයි. යමහල් විවරය අසලට යන විට තමන්ගේ සම පිළිස්සී උනුවන බවක් දැනුණේ යැයි ඔහු පවසනවා.
නමුත් ඔහු තම උත්සාහය අත්හැරියේ නැහැ. සොබාදහමේ අපූර්වතම සංසිද්ධියක් කදිම ඡායාරූප රැසකට හසු කර ගන්නට අවසානයේ ඔහු සමත් වුණා.

Share this post with your friends!