‘කබාලි’ බලන්න ටිකට් ලැබුනේ නැති නිසා රසිකයා දිවිනසා ගනී!

දකුණු ඉන්දියානු සුපිරි නළු රජනි කාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘කබාලි’ චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ (21) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා. මේ චිත්‍රපටයේ පළවැනි දැක්ම බලන්නට මැලේසියානු දෙමළ තරුණයෙක් උත්සාහයක් ගත්තා. පහුගිය 20 වැනිදා මේ තරුණයා එම චිත්‍රපටයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නට ගිහින් තියෙනවා. ඒත් ඒ තරුණයාට ප්‍රවේශ පත්‍රයක් නම් ලැබිලා නැහැ. මේ සිදුවීමෙන් කම්පාවට පත්වුනු තරුණයා එයා චිත්‍රපට ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න ආපු ස්ථානයේම පැන සියදිවි හානි කරගෙන තියෙනවා. ජීවිතයේ වටිනාකම තේරුම් නොගත් මේ තරුණයාගේ මරණය ගැන ඇහුවම හුගක් අයට හුගක් දේවල් කියන්න හිතෙනවා ඇති…. අපිට ද කියන්න තියෙන්නේ ඕනෑම දේකට වඩා තමන්ගේ ජීවිතේ වටිනවා කියන කාරණයයි

Share this post with your friends!