අමුතු විදිහකට කිඹුලන්ට කෑම දීලා අන්තිමට වෙච්ච වැඩේ – වීඩියෝ!

තායිලන්තයේ Elephant Kingdom සත්වෝද්‍යානයේ සිදු වන අවදානම් ක්‍රියාවක් ගැන පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.කිඹුලන් සියගණනක් සිටින විලක පාවෙමින් කිඹුලන්ට ආහාර ලබාදීමට සංචාරකයන්ට ඉඩ ලබා දීම සම්බන්ධයෙනුයි මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව මෙහි කුඩා දරුවන්ද රැඟෙන යන අතර මේ පිළිබඳව රියදුරෙකු විසින් ලබාගත් ඡායාරූප Twitter හි පළකිරීමෙන් පසුව බලධාරීන් විසින් අදාල සත්වෝද්‍යානය දින 90ක් සඳහා වසා දමා තිබෙනවා.එහිදී බලධාරීන් විසින් මෙම ක්‍රියාකාරකම සිදු කිරීමේදී සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සොයා බලා තිබෙනවා.

එම අවස්තාවක මෙහි හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයින් රැදී සිටින ස්ථානය යකඩ වලින් ආවරණය කර ඇති බැවින් එහි ආරක්ෂාව තහවුරු කළ හැකි බවයි. එසේම අදාළ සංචාරකයින් එහිදී බොහෝ ලෙස විනෝද වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙසේ කිඹුලන්ට ආහාර ලබා දීමට චීන ජාතිකයින් විශාල කැමැත්තක් දක්වන බවටයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

Share this post with your friends!