සිත් අදහාගත නොහැකි විදියට අවුරුදු 5ක දරුවෙක් වතුරේ ගිලෙන්න හදපු අම්මව බේරගෙන!

අවුරුදු පහක දැරියක් වතුරේ ගිලෙන්න හදපු තමන්ගේ අම්මගේ ජිවිතේ බේරගත්ත සිද්ධියක් ගැන ඔයාලා අහලා තියෙනවද..විශ්වාස කරන්නත් අමාරුයි නේ. ඔව් මේ කියන්න යන්නේ එහෙම සිද්ධියක් ගැන..

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයක අවුරුදු 37ක මව සහ අවුරුදු පහක දැරියක් පීනමින් විනෝද වෙලා තියෙනවා. එකවරම මේ මවට හෘදා බාදයක් ඇති වී සිහිය නැති වෙලා වතුරේ ගිලිලා තියෙනවා. කොහොම හරි මේ වැඩේ පුංචි දැරියට තේරුණ නිසා එයා ඉක්මණට පීනලා ගිහින් අම්මව ගොඩට අරන් ඇවිත් උදව් ඉල්ලන දුවනවා.

පස්සේ මේ මවගේ වැඩිමහල් දියණියයි තවත් කන්තාවකුයි ආවා. ඇවිත් අර මවව රෝහලට අරන් ගිහින්. ඇයගේ ජීවිතය බේරුණා. දොස්තර කියලා තියෙනවා තව විනාඩියක් වතුරෙන් ගන්න පරක්කු වුණානම් ඇයගේ ජීවිතය නැති වෙන්න ඉඩ තිබුණා කියලා.

කොහොම නේද වැඩේ පුංචි වුණත් කොච්චර හපනෙක්ද. තමන්ගේ අම්මව කොහොම හරි මේ පුංචි එකා බේරාගත්තා…

මේ සියල්ල නිවසේ තිබ්බ CCTV එකේ සටහන් වෙලා තිබුණේ මෙහෙමයි..

Share this post with your friends!