ලෝකයේ විශාලතම නොකපන දියමන්තිය!

13582396_10201713730560606_1907699829_o
ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම නොකපන ලද දියමන්තිය අසුගිය 29 වැනිදා ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතව තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී බොස්ට්වානා හි පතලකින් සොයා ගනු ලැබූ මෙම දියමන්තිය කැරට් එක්දහස් එකසිය නමයකින් (1,109 carat gem) යුතු වන අතර විශාලත්වයෙන් ටෙනිස් බෝලයකට සමාන වෙනවා. දියමන්තියේ කාල නිර්ණය කිරීමේ පරීක්ෂණ වලදී හෙළි වෙලා තියෙන්නේ මේ මණික වසර කෝටි දෙසිය පනහකට වඩා පැරණියි කියලයි. මෙතරම් විශාල වටිනා නොකපන ලද දියමන්තියක් ජනතාවට විවෘත්ත වෙන්දේසියක අලෙවි කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

‘ලෙසෙඩි ලා රෝනා’ තමයි මේ දියමන්තියේ නම. සාමාන්‍යයෙන් මෙවැනි විශාල මැණික් හෝ දියමන්ති හමු වූ විට පතල් කරුවන් තෝරාගත් ධනවතුන්ට පළමුව සිය සොයා ගැනීම ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් උපරිම මිලක් ලබා ගැනීම සිරිතක්වයි.‘ලෙසෙඩි ලා රෝනා’ යනුවෙන් නම් කර ඇති මෙම දියමන්තිය ඇමරිකානු ඩොලර් කෝටි හතකට ඉහළ මිලකට වෙන්දේසියේදී විකිනෙනු ඇති බවට විශ්වාසය කෙරුණා. ලාභයෙන් 60%ක මුදලක් හිමි වන්නේ බොස්ට්වානා රජයටයි.

හැබැයි මේ දියමන්තිය මිලදීගන්න කවුරුත් ම ඉදිරිපත් වෙලා නෑ.

Share this post with your friends!