සිංහයන්ට ඇති ආදරය ප්‍රකාශ කිරීමට සිංහ කොටුවට පැන්න බීමත් මිනිසා…මාරම මාරයි!

පමනට වඩා බීමත් වු විට තමා කරන කියන දේ පිළිබඳ හරිහැටි අවබෝධයක් ලබා ගත නොහැකියි.සමහරෙක් උස් හඬින් කථා කරන අතර සමහරෙක් වැඩිපුර සිනාසෙයි. තවත් සමහරෙක් අවධානම් ක්‍රියා සඳහා පෙලඹෙයි.මෙයද එවැනි සිද්ධියකි. රාජස්ථානයේ වයස අවුරුදු 25ක් වයසැති මුකේශ් නැමැති පුද්ගලයා අධිකව බීමත්ව හ්යිද්‍රාබාද්හි ඇ ඇති නේරු සත්ව උද්‍යානයේ සිංහ කොටුවට පැන තිබෙනවා. මෙයට පෙර සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලය ඔහුට අනතුරු අඟවා තිබුනත් ඒ කිසිවක් කනකට නොගෙන මොහු මෙම සිංහ කුඩුවට පැන ඇත.ඉන් පසු ඔහු එහි සිටි රාධිකා නැමැති සිංහ ධේනුවගේ අවධානය තමා වෙතට යොමු කරගැනීමට උත්සාහ දරා තිබෙනවා.

ඔහුට අවශ්‍ය වුයේ සිංහ ධේනුවට අතට අත දීම සහ අත ඇල්ලීමටයි.ඔහු කෙමෙන් ආදරයෙන් අමතමින් සිංහ ධේනුවට කථා කරන විට කෙමෙන් සිංහ ධේනුව ඔහු වෙතට අවධානය යොමු කිරීමට පටන් ගත්තා. වහාම මෙහි ඇති භායානක කම වටහාගත් මෙහි පැමින සිටින්නන් සත්ව උද්‍යාන පාලකයිට කෑ මොර දුන්නේ මොහුව බේරා ගන්නා ලෙසයි.රාධිකා නැමැති සිංහ ධේනුව තම ගොදුර ලඟට සෙමෙන් ලඟා වීමට සුදානම් වන විට මෙහි පැමිනි සිංහයින් රැකබලා ගන්නා ආර්. පපයියා සිංහයින්ගේ අවධානය මුකේශ් මෙයින් ගලවා ගන්නා තුරු රඳවා ගැනීමට සමත් වුනා.


තුවාල වලින් තොරව එළියට පැමිනි මුකේශ් පොලිස් භාරයට පත් කලේ මෙම තහනම් ක්‍රියාව නිසාය.මෙම සිංහයින්ට ආලය දැක්වීමට මොහු උනන්දු කල කාර්යය සිතා ගත නොහැකි නමුත් මෙවැනි භායානක ක්‍රියා සිදු කරන මොහු අනෙක් වර ගිනි ගොඩකට වුව පැනීමට පුළුවන.

Share this post with your friends!