පිහියක් පෙන්වා බලයෙන් යටත් කරගන්න හදන මේ රියැදුරාට උදව් කිරීමට පැමිනි තරුණ ආබාධිත මිනිසා!

සමහරක් අවස්ථාවලදී අපේ පිහිටට පැමිනෙන්නේ අප සැබැවින්ම නොදත් අමුත්තන්ය. ඒ වගේම සමහරක් ආගන්තුකයන් තවත් කෙනෙක් වෙනුවෙන් දිවි පුදා උදව් කරන සිද්ධි දකින විට අපේ සිතට පුදුමයක්ද දැනේ….සමහරක් සිදුවීම් අපට විශ්වාස කරගත නොහැකි ගනයේ උදව්ය. ජනප්‍රිය ලේඛකයෙකු වන චාල්ස් ඩි ලින්ට් වරක් මෙසේ කියා ඇත.”මට කිසිවෙක් අනිකෙකු ගැන නොහිතන ලෝකයක ජීවත් වීමට අවශ්‍ය නැත.

අප ආශ්‍රය කරන අය නොව සෑම උදව්වක් බලාපොරොත්තුවෙන් සිටින මිනිසෙක් උදෙසාම අප මිනිස්කමේ දෑත දිගු කල යුතුය.මා හට කිසිවෙක් සිතන පතන විදිය වෙනස් කල නොහැක..නමුත් මා හට මාගේ කර්තව්‍ය සිදු කල හැක” . මෙම කියමන සත්‍ය කරන සිදුවීමක් මෑතකාලයේදී සිදු වුවා. මෙය සිදුවි තිබුනේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේ 20 වන දින අතර එය සිසිටිවි කැමරා තුල මෙසේ සටහන්ව තිබුනි.මෙහි දැක්වෙන පරිදි හිස් වැසුමක් පැළඳ ගත් මිනිසෙකු බස් රථය තුල සිටින බස් රථ රියැදුරුට පිහියක් පෙන්වා බලයෙන් යටත් කරගැනීමට උත්සාහා කරන විට මේ අවස්ථාවේ බස් රථ රියැදුරුගේ සහායට පැමිනෙන්නේ තරුණ අබාධිත තරුණයෙකි.

මෙම විඩීයෝව ෆේස්බුක් පිටුවක් තුල ප්‍රචාරය වී පැය 12ක් යාමට මත්තෙන් මිලියන 7.9ක ප්‍රමානයක් මෙය නරඹා තිබු අතර මෙයට 8000කට වඩා ප්‍රතිචාර දක්වා තිබුනා.බොහෝ දෙනා මෙම අබාධිත තරුණයාගේ ක්‍රියාව බෙහෙවින් අගයට ලක් කොට ප්‍රතිචාර දක්වා තිබුනා.අප බොහෝ දෙනා මෙවැනි අවස්ථාවන් වලට ඉදිරිපත්ව කෙනෙකුට උදව් කිරීමට පැකිළුනත් මෙම විඩීයෝව තුලින් අපට දෙන පණිවිඩය නම් උදව් අවශ්‍ය කරන ඕනෑම වේලාවක මිනිසුන් හට අප අපට හැකි ශක්ති ප්‍රමානයෙන් උදව් කල යුතු බව නොවේද

Share this post with your friends!