තහනම් වැටකින් පැනලා ගිලෙන චිම්පන්සියෙක් බේරා ගත්තු වීර තාත්තා!

සත්ව උද්‍යානයක් වු කලී එය තුල නීති සම්පාදය කොට ඇති ස්ථානයකි. එසේ සිදුකිරීමට හේතු කාරණා වන්නේ ද සත්ව උද්‍යානය නැරඹීමට එන මිනිසාට එහි ඇති කැලෑ සත්වයන්ගෙන් ආරක්ෂිතව නැරඹීමේ ක්‍රමයක් ලෙසය.නමුත් මෙම සිද්ධිය නැරඹු විට අපට පෙනෙන්නේ සමහරක් අවස්ථාවල නීතී කඩ කර කරන සමහරක් ක්‍රියා වලින් යහපතක් සිදුවන බවය.දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන රික් ස්කෝප් නිර්භීතව තහනම් කරන ලඳ වැටකින් පැන අදුරු ජාලාශයකට පැන්නේ ගිලෙන චිම්පන්සියෙකු බේරා ගැනීම සඳහාය.මෙම චිම්පන්සියා නමින් ජෝ-ජෝය මොවුන්ට පිහිනීමට නොහැක .

නමුත් මොවුන් මිනිසුන් කීපදෙනෙකුට වඩා ශක්තිමත් සත්ව කොට්ඨාශයකි.මෙවැනි සතුන් හරි ආවේශශීලිව හැසිරෙන සත්ව කොට්ඨාශයක් නිසා මොහුගේ ජීවිතය තිබුනේ අනතුරකය.33 හැවිරිදි මෙම මිනිසා කිසිඳු චකිතයකින් තොරව මෙයට පැනීමට තරම් නිර්භීත වීම මෙම සත්ව උද්‍යානය නැරඹීමට පැමිනි මිනිසුන්ගේ පුදුමයට හේතු විය. කෙසේ වුවද වර්තා වල සඳහන් වන ආකාරයට මෙම ජො ජො නැමැති චිම්පන්සියා තම අනෙකුත් සගයින් සමඟ කෙළිදොළින් කාලය ගත කරමින් සිටියදි හදිසියේම මෙම ජලාශයට ඇද වැටි ඇති බව සැලවේ.රික් පවසන අන්දමට මෙම ගිලෙන සතා හට බේරීමට කිසිවෙක් ඉදිරිපත් නොවු නිසා ඔහු මෙයට පැන මෙම සත්වයාගේ දිවී බේරීමට ඉදිරිපත්ව ඇත.

ඔහු තම අත්දැකීම විස්තර කරන අන්දමට ඔහුට එම අඳුරු ජලයේ මුලින් කිසිවක් නොපෙනීම නිසා ඔහු එහි පතුලට ගමන් කරන විට මෙම ගිලෙන චිම්පන්සියා දැක තිබෙනවා.පසුව ඔහු මෙම චිම්පන්සියාව බේරා ගැනීමට ඉදිරිපත්ව තිබෙනවා.මෙම විඩීයෝ වර්තා දෙස බැලු විට මෙම සිදුවීම සිදුව ඇත්තේ මීට වසර 26 කට ඉහතදීය.මෙය සඳහා මෑතකදීත් ප්‍රතිචාර හා පැසසුම් ලඳි. කෙතරම් කාලයක් ගියද රික් වැනි උදාර මිනිසුන් නම් රටක් වටින බව නම් නොකියාම බැරිය.

Share this post with your friends!