ක්ෂනයෙන් පැතිරුනු ගං වතුර නිසා ගෙවීමට ගියා නිවාඩුව රාත්‍රී සිහිනයක් බවට පත්වු තරුණයා!

ඩැරල් ෆ්‍රරේමින්ග් යන මොහු ෆිපිපීනයේ රැකියාවේ නිමග්න වන අතර තම නිවාඩුව සඳහා පිලීපීනයට පැමිනෙනවා.ඔහුට අවශ්‍ය වුයේ විවේක සුවයෙන් තමන්ගේ අය සමඟ විනෝද වීමත් එරට ප්‍රසිද්ධව ඇති ක්‍රීඩා සඳහා යෙදීමත්ය. ඉතින් මොහුගේ නිවාඩුව අවසන් වන දිනයේ මොහු තම නෑයින් සමග ලැගුවානා වල මජයි ජේ හි පිහිටි බුකාල් ඇල්ල බැලීමට ගියා.මෙහිදි ඔවුන් පිහිනු ස්ථානයට හදිසියේම ඇතිවු ගං වතුර තත්වය නිසා මොහුගේ ජංගම දුරකථනය පමනක් නොව මොහුගේ ජීවිතයද බේරුනේ අනු නවයෙනි. මොවුන් විනෝදය උදෙසා ගිය ගමන හානියකින් තොරවු අමතක නොවන සිද්ධියක් බවට පත්විය.මෙම විඩීයෝවද ඔහු විසින්ම රූ ගත කර ඇත. එම නිසා මෙහි සත්‍ය ස්වරුපය ඔබට සියැසින්ම දැකගත හැක.මෙම පෙදෙසට මීට දින කීපයකට ප්‍රථම වර්ෂාවක් ඇද වැටුනු බවත් නමුත් මෙම ස්ථානය අවට කිසිඳු අනතුරු හැඟවීමක් හෝ එවැන්නක සේයාවක්වත් නොවු නිසා මොවුන් මෙහි විනෝද වීමට තිරණය කරන ලදැයි ඩැරල් පැවසීය.මෙය මෙම ජුනි 16වන දින සමාජ අඩවි තුල පැතිරුණු විඩීයෝවක් වන අතර මෙහි ඔවුන් මුහුන දෙන භායානක සිදුවීම සියැසින්ම දැකගත හැක.අපට මෙයින් උගත හැකි පාඩම නම් අධික වැසි සහිත කාලගුණයන් වලදි මෙවැනි දිය ඇළි වල නෑමට යෑම සැබැවින්ම අනතුරුදායකය යන්නය. මක් නිසාද යත් කාලගුණය වෙනස් වන අයුරු අප කිසිවෙකුට පැවසීමට නොහැකි බැවිනි.මෙහිදි වාසනාවකට මෙන් ඔවුන් කිසි දෙනෙකුට අනතුරක් වී නැති නමුදු කාලගුණ විපර්යාස පිළිබඳ ඔබ මීට වඩා අවධානය යොමු කල යුතුය.

Share this post with your friends!