Google සමාගමේ ඉන්න අන්ධ ඉංජිනේරුවරිය!

Jyotsna Kaki කියන්නේ තාක්ෂණික අංශයේ ඉංජිනේරුවරියක්. හැබැයි ඇය අන්ධයි. උපතින්ම ඇය අන්ධ වුණේ නැහැ. අවාසනාවන්ත ලෙස ඇය අනතුරකට මුහුණ දීලා තියෙනවා. එහිදී ඇයගේ මොළයට සැත්කමක් කරාලා. එහි අතුරු ප්‍රතිපලයක් විදියට තමා Jyotsna Kakiගේ ඇස් පෙනීම නැති වුණේ. අන්ධ වුණත් ඇය ගොඩක් බුද්ධිමත්. ඇයට තාක්ෂණික අංශයේ ඉංජිනේරු උපාධියක් තියෙනවා. දන්නවද පුදුම හිතෙන දේ මොකක්ද කියලා. ඇය දැන් Google සමාගමේ ඉංජිනේරුවරියක්. ඇය කියනවා Google සමාගමෙන් ලැබුණු මේ පත්වීම ඇයගේ ජීවිතය ජයග්‍රහණය කෙරෙව්වා කියලා. Jyotsna Kakiගේ වයස අවුරුදු 33ක්. ඇය විවාහක කාන්තාවක්. ගෙදර උයන පිහින වැඩ වලටත් ඇය හරිම දක්ෂයි…..

Share this post with your friends!