මෙම ගිලෙන විට දැනෙන හැඟීම පෙන්වන සමාකෘතිය ඔබට මරණය අභියස සිටින විට දැනෙන හැඟිමට සමාන හැඟිමක් උද්දීපනය කරයි.ඔබම නරඹන්න!

drowning-simulator-featured-image
මරණය යනු රෞද්‍ර මෙන්ම බිගිසුණු හැඟිම් ජනිත කරවන සිද්ධියක් මෙන්ම එළබෙන වාරය ඔබේ යැයි හැඟුනොත් ඔබ කොතරම් තැති ගනීවිද? ඇත්තෙන්ම මරණීය වේදනාව ඒ තරමටම අප්‍රසන්න හැඟිම් මතු කලද අපට මේ හැඟිම තුල ඇති අත්දැකිම් කෙසේද යන්න දැනගැනීමට නොහැක්කේ ඒ වේදනාව ලබන පුද්ගලයා මෙලොව ජීවත් නොවීමයි.තම ජීවිතයේ අවසන් හෝරාවට ලං වෙමින් සිටින අය නොයෙක් ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දෙයි.ඒ අතරින් එක් බිහිසුණු අත්දැකිමක් වන්නේ ගිලි මිය යාමට සිදු වීමය.ඔබ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇත්තටම සිතා බැලීමට පවා අකමැති වන බව මා දන්නව.

ඇත්තෙන්ම ගිලෙන කෙනෙකු ඒ අවස්ථාවට මුහුණ දෙන විට තමාට කිසිඳු ගැලවීමක් නොමැති බව ඉවෙන් මෙන් වටහා ගන්නවා.සොර්ටි එන් මර් විසින් දක්වා ඇති මෙම විඩීයෝව තුල සැබැවින්ම මේ අත්දැකීමට මුහුන දෙන ස්වරූපය පිළිබඳ මනා විවරණයක් ලබා දෙයි. එයට හසුවන්න තුල ඇතිවන හැඟිම්, ඔහු එය තේරුම් ගන්නා ආකාරය වැනි සියල්ල කේසේද යන්න ඔබට අවබෝධ කරගත හැකිය.මෙම සිද්ධි දාමය ආරම්භ වන්නේ මුහුද මත නිදහසේ යාත්‍රා කරන පුද්ගලයෙකුගේ රූප රාමු සමඟය.

එකපාරටම සිදුවු අත් වැරදිමක් නිසා ඔහු මුහුදට විසි වි වැටුනා.ඔහුට නැවතත් යත්‍රාවට ලඟා වීමට නොහැකි වු අතර යත්‍රාව මත සිටි අනෙක් පුද්ගලයාටද ඔහුට උදව් කිරීමට හැකි තත්වයක් පැවතියේ නැත.මොහුට තනිවම තම ජීවිතය වෙනුවෙන් සටන් කරන්නට සිදු විය.මෙහිදි ඔබ කොතරම් ගොඩට ඒමට උත්සාහා කලද,හැකි තාක් වේගයෙන් පිනුවද ඔබට පෙනෙන තෙක් මානයක ගොඩබිමක් දැකගත නොහැකි නම් එයින් ඇති පලක් තිබේද?අවසානයේ ඔහුට ඇතිවන අධික පීඩනය හා මහන්සිය නිසා ඔහු ගිලි මිය යාමට තිරණය කරයි. අකමැත්තෙන් වුවද ඔහු කෙමෙන් කෙමෙන් ගිලි ගොස් සාගර පතුලට යන ආකාරයත් ඔහුගේ රුව අපේ දෘෂ්ඨි කෝණයෙන් ඉවත් වන ආකාරයත් ඔබට නැරඹිය හැකිය.

ඔබේ ඇසින්ම මේ බිහිසුණු අත්දැකීම නරඹන්න. මෙම විඩීයෝව භායානක මුත් ජීවීත ආරක්ෂන ඇඳුම් හි වැදගත්කම පෙන්වීම සඳහා යොදා ගත් දක්ෂ උපක්‍රමයකි.

Share this post with your friends!