තම ශිෂ්‍යයින් වෙනුවෙන් ගංගා පහක් තරණය කරමින් පැය දෙකක් තිස්සේ ඇවිදින අපූරු ෆිලිපීන ගුරුවරිය!

guro4
මෙසේ විශාල කැප කීරීමකින් හා ධෛර්යය සම්පන්නව ශිශ්‍යයින්ගේ යහපත හා අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන ඇය නමින් එලිසබෙත් මිරන්ඩාය. ඇය මෙසේ ගංගා 5ක් තරණය කොට පැය 2ක් තිස්සේ පා ගමනේ යෙදෙමින් දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩකටයුතු සිදු කරයි.ඇය පවසන පරිදි තම සිරුර මෙම කර්තව්‍ය සඳහා අනුගත වී ඇති අතර මෙය මඳක් හො අපහසු වන්නේ වැසිබර කාලගුණ තත්වයන් වලදි ඇතිවන බාධක හේතුන් මතය සිටියෝ බරො ගන්ටේ නම් මෙම යාමට අසිරු දුෂ්කර පලාතේ ඉගැන්වීම් කරන එකම ගුරුවරිය තමන් වන අතර මෙම ගමන සඳහා පැය 3කට අධික කාලයක් ගත වුවත් එහි කිසිඳු අපතේ යෑමක් නොවන බව ඇය පවසයි.මෙහි ඇති සමහරක් ගංගා ඇයට තනිව තරණය කිරිමට ඇකි වුවත් මෙහි ඇති සමහරක් ගංගා ඇයට තනිව තරණය කිරීම අපහසුය.
guro5
ඒ සඳහා ජිවිතාරක්ෂන මිනිසුන් ගෙන් මෙම ප්‍රදේශයේ ලැබෙන සහයෝහය පිළිබඳවද ඇය කථා කරන්නේ මහත් ප්‍රසාදයෙනි.සල්බබිඩා නමින් හඳුන්වන මෙවැනි උදව්කරුවන්ගේ කර මතින් ඇය ගමන් කරන්නේ එම ගංගා මත පය තබා ගමන් කිරීමට ඇති නොහැකියාව නිසාවෙන්ය. ඉතා දුෂ්කර ගමක නොයෙක් පීඩාවෙන්ගෙන් දුක් විදින මේ දරුවන් ඉගෙනුම ලබන්නේ සුඛෝපභෝගි පන්ති කාමර තුල නොව කුඩා මඩුවකය.සමහරක් අවස්ථාවලදී මෙම දරුවන්ට නිසි ආහරයක් හෝ නොලැබෙන බව මෙම ගුරුවරිය පවසයි.ඒ කුමන අඩුපාඩුවකින් හෝ නොසැලි අධ්‍යාපනය ලබන මේ ළමයින් පිළිබඳ තමා තුල ඇත්තේ ප්‍රසාදයක් බව මෙම ගුරුවරිය පවසයි.
guro2
එම දරුවන්ගේ ඇති නොනිමි උද්යෝගය නිසා තමා කරන මෙම කැප කිරීම අපතේ නොයන බව ඇගේ විශ්වාසයයි.මෙහි අසිරුතාව නිසා මෙය අත් හැරීමට කීප වරක් සිත දුන්නද දැනුම පිපාසිතව සිටින මෙම දරුවන්ගේ බුද්ධි වර්ධනය උදෙසා ඇය මෙම සියල්ල උපෙක්ෂාවෙන් විද දරා මෙම කර්තව්‍යයේ නියුතු වෙයි.එමෙන්ම මෙය නැරඹිමෙන් පසු මෙයට හොඳ විසඳුමක් ජනතාවගෙන් හා රජයෙන් ලැබෙනු ඇතැයි ඇය අපේක්ෂා කරයි. ගමනාගමනය සඳහා පාලමක් සහ ඉගෙන ගැනීමට සුදුසු පාසලක් ඇයට රජයෙන් ලැබේ යැයි අපිද අපේක්ෂා කරමු.
maestra-salbabida-1

Share this post with your friends!