ඉස්සර ජනප්‍රිය වූ තවත් වෙළඳ දැන්වීම් 11ක්. මතකද?

90 දශකයේ ජනප්‍රිය වූ වෙළඳ දැන්වීම් 12 මතකද? එතනින් ඉවරයි කියල හිතුවද? ඉවරයි කියල හිතුවට ඉවර නෑ. එහෙම එක ලිපියකින් ඉවර කරන්න පුලුවන් ලස්සන ඇඩ් ගොඩක්ද අපි ඒ කාලෙ රසවින්දෙ? තව ගොඩක් තියනවා. පළවෙනි එකේදි අපෙන් අතහැරිච්ච ඔයාල මතක් කරල දීපු ඒව කීපෙකුත් එක්ක මේ පාර ඔන්න ලස්සන වෙළඳ දැන්වීම් 17ක් ම ගෙනාවා.

1. මිහිරෙන් මතකයේ – අලියා ඔරේන්ජ් බාර්ලි

ඔන්න පළවෙනි ලිස්ට් එකෙන් අමතක වෙලාය කියල ඔයාල හුඟදෙනෙක් මැසිවිලි නගපු අලියා ඔරේන්ජ් බාර්ලි දැන්වීම මුලින්ම අරගෙන ආවා අපි. එහෙනම් කූල් ඔරේන්ජ් බාර්ලි එකකුත් ළං කරගෙන මේක රසවිඳින්නකො.

2. ගුඩ් මෝනින් කිරි මාමේ – රිච් ලයිෆ්

දැන් විවිධ රසවලිනුත් තියන රිච් ලයිෆ් කිරි වෙළඳපොළට හඳුන්වල දුන්නෙ මේ දැන්වීමෙන් තමයි. හරිම සාර්ථක වෙච්ච පොඩිත්තො ඉතාම ආසා කරපු දැන්වීමක් උනා මේක.

3. අම්ම අපේ හරි හොඳයි – ඇන්කර්

90 දශකයේ මුල ප්‍රදර්ශනය කරපු මේ දැන්වීමේ ඔයාල අපි කවුරුත් දන්නා හඳුනන කෙනෙකුත් ඉන්නව. හොඳට බලන්න දැන්වීමේ ඉන්න පුංචි දැරියන් දිහා. වීඩියෝවෙ තත්පර 30 සීමාවෙ ඉන්න කුඩා දැරියව හඳුනගන්න පුලුවන්ද ඔයාලට?

4. සෙලාන් බෑන්ක්

“මේ දිවි ගමනේ…යන එන කොතැනේ

ඔබ පා නගනා…මග අපි එන්නේ…”

සෙලාන් බැංකුවෙන් ඒ කාලෙ මතක හිටින දැන්වීම බොහොමයක් ප්‍රචාරය කෙරුන. මතකනේ අපේ පළවෙනි සීරීස් එකේ ලන්ඩන් වල ඇල්බට් අංකල්? මේකත් ඒ වගේම මතකයේ රැඳුනු දැන්වීමක්.

මෙහි රූප පෙළට වඩා ගීත කොටස ඔබේ මතකය අනිවා අතීතයට ගෙනියාවි.

5. ලින්ක් කේෂා

“මොනර පිළක අරුමේ”

ඒ කාලෙ හුඟක් තරුණියන් අතර කේෂා ජනප්‍රිය කරන්න මේ දැන්වීම ඉවහල් උනා. මේ දැන්වීමේ එන සුන්දර තරුණියත් කාගෙත් සිත් ඇද බැඳගන්න සමත් උනා.

6. ටිකිරි මාරි – ටිකිරි ලියා

අනූව දශකයේ අග හරියෙ ආපු මංචි ටිකිරි මාරි වල “කොහොමද ටිකිරි මොලේ” දැන්වීම් පෙළේ ජනප්‍රියම දැන්වීමක් තමයි මේක. ජනප්‍රිය නිලි මීනා කුමාරිත් රංගනයෙන් එකතුවෙලා තිබෙන මේ දැන්වීම ඔයාලටත් මතකයි නේද?

7. පීල් – ඔය යන්නෙ තුන් දෙනාම ඩබල් දාලා

දඩිං බිඩිං දොඩං කියල හැඳින්වුව Peel බීම ඒ කාලෙ හරිම ජනප්‍රිය හරිම රසවත් බීමක්. ඒ බීම එකපාරටම වෙළඳපොලෙන් නැතිවෙලා ගියේ ඇයි කියල දන්නේ නෑ.

මේ තුන්දෙනාම ඩබල් දාල යන දැන්වීම හරිම වෙනස් අත්දැකීමක් උනා නරඹන්නන්ට. එක එක සින්දු කෑලි, පිස්සු වැඩකෑලි එක්ක නැගලා ගිය ඇඩ් එකක් තමයි මේකත්.

8. පෝලෝ – පෙම් පෙරළිය

මුලින්ම ලංකාවෙ ශිල්පීන් යොදාගෙන කරපු පෝලෝ දැන්වීම තමයි මේක. ඊට කලින් තිබුණෙ අර සීය කෙනෙක් රෑ පාටියක නටන විදෙස් දැන්වීමක්. ලංකාවෙ විදිහට හැඩගස්වල බුලත් විටකට එහෙමත් පෝලෝ මුසු කරල රසවත් විදිහට ඉදිරිපත් කරපු දැන්වීමක්.

9. ඩයලොග්

ඒ කාලේ යොවුන් වයසට පිවිසෙමින් හිටපු කාගෙත් සිහින කුමරා සහ කුමරිය තමයි මේ දැන්වීමේ ඉන්නෙ. 90ට වඩා දෙදහ දශකයට අයත් දැන්වීමක් කියන්න පුලුවන් මේක. මේකෙ අන්තිමට පෙන්වන SMS පණිවුඩය කියවන්නත් තේරුම් ගන්නත් සෑහෙන උත්සාහයක් ගත්තා මතකයි. පස්සෙ කාලෙක තමයි තේරුම් ගත්තෙ ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව කියලයි කියන්නෙ කියල.

10. කැන්ඩොස් ඔබමයි මා හදවතේ

මේ සුන්දර ඇඩ් එක දකිද්දි මුලින්ම සිහියට එන්නෙ ක්‍රිකට් මැච් හා බැඳිච්ච මතකයන්. ඒ තරමක ක්‍රිකට් තරඟ අතරේ මේක ප්‍රචාරය උනා. සනත්ල අරවින්දල වැඩ පෙන්නල දිගටම මැච් දිනපු කාලෙක මේ ඇඩ් එක ගිය නිසාද දන්නෙ නෑ හරිම සුන්දර හැඟීමක් දැනෙනව මේක නරඹද්දි.

11. කීල්ස් චිකන් මීට් බෝල්ස් – නියම කුකුලා

2000 වර්ෂය ආසන්න කාලයේ අතිමහත් ජනප්‍රියත්වයට පත්වුන වෙළඳ දැන්වීමක් තමයි මේ තියෙන්නෙ. මෙහි ඉන්න තරුණයා අදටත් රූපවාහිනියෙන් ඔබට දැක පුරුදු ඇති. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන ඔහු තමයි වෛද්‍ය රන්ජුක උබයසිරි

Share this post with your friends!