ගුගල් නිසා තායිලන්තයේ වසර 2ක් තිස්සේ මිනිසෙකු තායිලන්තයේ කිලෝමීටර් 500ක් ඇවිදිලා!

google-street-view-guy-thailand-1
පළමුවෙන්ම ගුගල් මාවත් විචාරනය පිළිබඳ ඔබ දැනුවත් කරනවානම් මෙය ඔබ සිටින ප්‍රදේශය හෝ ඔබට අවශ්‍ය පෙදෙසක රූප රාමු හා තොරතුරු අඩංගු වන ඔබේ පහසුව සඳහා නිමවු අන්තර්ජාල සැපයුමකි.මෙය සකසා ගන්නේ ගුගල් සිතියම් හා ගුගල් පෘතුවි තලයේ සිතියම් ගත ජාල ඇසුරිනි. මෙය 2007 දී හඳුන්වා දුන් අතර මේ වන විට පුළුල් ලෙස ව්‍යාප්තව ලොව පුරා ඇති මං මාවත් පිළිබඳ දැන ගත හැකි අතර ගුගල් විසින් තුන් ඉරියව් මලළ ක්‍රීඩක පනුපොන්ග් ලුවන්සා නැමැත්තාව කුලියට ගෙන ඇත්තේ තායිලන්තයේ ඇවිද එහි මං මාවත් ඡායාරූපකරණයේ යෙදීමටයි.
google-street-view-guy-thailand-2
මෙම පරිදර්ශක ඡායාරූප බොහොමයක් ලබා ඇත්තේ කාරයන් මගින් ගොස් වන අතර වාහන සඳහා යා නොහැකි ප්‍රදේශයන් සඳහා ගුගල් මගින් බෝට්ටු,හිම මත දුවන රථ ,දිය යට භාවිතා කරන රථ සහ නොයෙකුත් උපකරණ භාවිත කර ගනී.කෙසේ වුවද පනුපොන්ග් හට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වසර 2ක් ගතවී ඇති අතර කිලෝ මීටර් 500,000ක ප්‍රමානයක් ගමන් කොට තිබෙනවා, මෙහි ගුගල් සමාගම සමඟ සිය කැමැත්තෙන්ම ඒකාබද්ධවී තිබෙන්නේ දුර පැතිර ඇති තායිලන්ත මාවත් පවා ග්‍රහනය කරගැනීමේ කැමැත්තද ඇතිවය.
google-street-view-guy-thailand-3
වසර 2ක් තිස්සේ නොයෙක් ප්‍රවාහන ක්‍රමද භාවිතා කරමින් මෙය සාර්ථක කරගත් මොහු අවම වශයෙන් කිලෝමිටර් 500ක පමන ප්‍රමානයක් පා ගමනින් ගොස් ඇත.ඔහු මෙසේ ගමන් කොට ඇත්තේ කැමරා උපාංගද අතැතිවය.මෙම කැමරා කිලෝ 18ක් පමන බර වන අතර චාර්ජ් කොට පැය 6ත් 8ත් පමන කාලයක් තුල භවිත කල හැකිය.පා ගමන හේතුවෙන් වාහන වලින් යත නොහැකි පෙදෙස් පවා තරණය කිරීමට මොහුට හැකි විය.මොහුගේ මෙම නොපසුබට උත්සාහය නිසා ගුගල් සමාගමට අළුත් ප්‍රදේශ 150ක තොරතුරු ආවරණය කර ගැනීමේ හැකියාව ලැබුණි.
google-street-view-guy-thailand-4
මේ අතර සුකෝතායි ඓතිහාසික ප්‍රදේශය උද්‍යානය හා ආයූත්තයා පැරණි පන්සල මෙයට අයත්ය.මොහුගේ මෙම නොනිසි කැපකිරිම් හේතුවෙන් ඔහු වැඩකරන අතර පැළඳ සිටි සපත්තු කුට්ටම් 2ක් පවා දැවි ගොස් තිබුණි.මොහුගේ මෙම ක්‍රියාව නම් අගය නොකරම බැරිය.

Share this post with your friends!