කහමදය පළමුව සහ සුදු මදය දෙවනුව පිහිටන ලෙස බිත්තරයක් තම්බා ගන්නේ මෙහෙමයි!

තම්බපු බිත්තරයක් පට්ට ගහනකොට ඔබට පළමුව දකින්නට ලැබෙන්නේ සුදු මදයයි. එම සුදු මදයට යටින් කහ මදය තිබෙනවා දැකගන්නට පුළුවන්. එම ස්වභාවික රීතිය අතික‍්‍රමණය කරමින් කහ මදය මුලට සිටින ලෙස සහ සුදු මදය යටට සිටින ලෙස බිත්තරයක් තම්බාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැන්වත් කරන්නේ එම අපූරු ක‍්‍රමවේදය පිළිබඳවයි.

සරල අමුද‍්‍රව්‍යය කිහිපයක් පමණක් භාවිතා කරමින් ඔබට එය පහසුවෙන්ම කරගන්නට පුළුවන්.

අවශ්‍ය කරන ද‍්‍රව්‍ය

  • බිත්තරයක්
  • විදුලි පන්දමක්
  • සෙලෝටේප් එකක්
  • ඇදෙන සුළු රෙදි කැබැල්ලක්
  • කුඩා වයර් කැබලි දෙකක්
  • අයිස් කැට කිහිපයක්

1. පළමුව විදුලි පන්දම ගෙන බිත්තරය හරහා ආලෝකය ගමන් කරන ලෙස මද වෙලාවක් අල්ලාගෙන සිටින්න. බිත්තරය තුලින් ආලෝකය ගමන් කරන විට එය ආලෝකමත් වෙන හැටි හොඳින් පරික්ෂා කරන්න. රතු පැහැයට හුරු පැහැයක් එහිදී ඔබට දැකගන්නට පුලූවන් වේවි.

2. දෙවනුව ඔබ කලයුතු වන්නේ විනිවිද පෙනෙන සෙලෝටේප් එකක් බිත්තරය වටා සම්පූර්ණයෙන්ම ඔතා ගැනීමයි.

3. ඉහත සඳහන් කල ආකාරයේ ඇදෙන සුළු රෙදි කැබැල්ල මැදට බිත්තරය තබා එය චලනය වීමට නැවත්වීමට දෙකොන වයර් කැබැල්ලකින් ගැටගසා ගන්න.

4. බිත්තරය ආරක්‍ෂිත ලෙස සවි වී තිබෙනවාද යන්න පළමුව තහවුරු කරගන්න. මීලගට ඔබ කලයුතු වන්නේ රෙදි කැබැල්ලේ දෙකොන අතින් අල්ලා ගෙන මිනිත්තු කිහිපයක් බිත්තරය කරකැවීමයි.

5. ඉන් පසුව රෙදි කැබැල්ල ඉවත් කරගෙන නැවත වතාවක් බිත්තරය තුලින් ආලෝකය යවා එය පරික්ෂා කරන්න. මේ අවස්තාවේදී පෙරට වඩා බිත්තරය අඳුරු පැහැයකින් දිස්විය යුතුයි. බිත්තරය අඳුරු පැහැයකින් දිස් නොවේ නම් නැවත වතාවක් බිත්තරය කරකැවිය යුතුයි.

6. විදුලූ ආලෝකය ඇල්ලූ විට බිත්තරය අඳුරු පැහැයෙන් දිස් වෙනවානම් එය තම්බා ගැනීමට සුදානම් බව දැනගන්න. වතුර භාජනයක බහා සාමාන්‍යය ලෙස බිත්තරය තම්බාගන්න නමුත් සෙලෝටේප් එක නොගැලවීමට මතක තබාගන්න. විනාඩි 15ක් පමණ බිත්තරය ඒ මේ අත හරවමින් තම්බා ගත් පසුව ගින්දර නිවා මිනිත්තු 5ක් පමණ බිත්තරය එහි තිබෙන්නට ඉඩහරින්න.

7. එලෙස තම්බාගත් බිත්තරය වතුර සහ අයිස් කැට සහිත භාජනයක මද වෙලාවක් තිබෙන්නට හැර ඉන් පසුව කටුව ඉවත් කරගන්න.

8. කහමදය පළමුව සහ සුදුමදය යටට සිටින ලෙස තම්බාගත් බිත්තරය දැන් ලැහැස්තියි.

ඉහත විස්තර කරන ලද ක‍්‍රමවේදය පිළිබඳව ඔබට යම් ගැටළුවක් තිබේනම් පහත වීඩියෝව නරඹන්න.

Share this post with your friends!