මියගිය බවට තහවුරු කර අළුත උපන් දරුවා මිනී පෙට්ටියක බහාලීමෙන් අනතුරුව පැය 12කට පසු ජීවත් වෙන බව තහවුරු වෙලා…මාරයි නේද?

Luz-Milagros-miracle-baby
වර්බ්ලොග් වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන් ලෝකයේ සිදුවන ආශ්චර්යයන් පිළිබඳ විස්තර පළකරන වෙබ් පිටුවකි. එයින් ඔවුන් ලොව තුල හාස්කම් සත්‍ය වශයෙන් සිදුවන බව මිනිසාට ඔප්පු කිරීමට උත්සාහා දරන වෙබ් පිටුවකි.තවමත් ඔබ මෙවැනි දේ පිළිබඳ සැකයෙන් හෝ අවිශ්වාසයෙන් සිටී නම් මෙන්න එයට තවත් එක් උදාහරණයක්. අළුත උපන් බිළිඳෙකු මියගිය බවට තහවුරු කොට ශිත කල මෘත ශරිරාගර පෙට්ටියක බහාලු අතර පැය 12 කට පසු එම බිළිඳා ජීවත් වන බවට තහවුරු වුවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ආජන්ටිනාවේ වන අතර ඇනලීයා බෝටර් විසින් 2012 අප්‍රේල් 3 වන දින නොමේරු වයස මාස 6ති බිළිඳෙකු ප්‍රසුත කරන ලඳි. ඇය උපතේදීම මියගිය බවට තහවුරු කරගැනීමට නවජ වෛද්‍යවරුන්ට හැකි විය. කාර්යය මණ්ඩලය විසින් මෙම පුංචි සුරංගනාවියක් වන් බිළිඳිය මියගොස් ඇති බව බෝටර් හට පවසා ඇයව ශීතකරණ මෘත ශරීරාගාර පෙට්ටියක පැය 12 ක කාලයක් තැබීමට තිරණය කළා.

ඇනලීයාගේ බලවත් ඉල්ලීම මත ඇගේ සැමියා වන ෆැබියන් වෙරොන් සහ ඇය ඇගේ කුඩා දියණියව අවසන් වතාවට දැක ගැනීම සඳහා අවසර රැගෙන මෘත ශරීරාගාරයට ඇතුල් වු අතර ඒ වන විටත් ඇණ යොදා වසා තිබු අතර අලවංගුවක් ආධාරයෙන් එහි පියන ඉවත් කරනු ලැබුවා.නමුත් මෘත ශරීර පියන ව්වෘත කිරීමෙන් අනතුරුව ඔවුන් මුහුණ දුන් සිද්ධියෙන් ඔවුන් පුදුමයට පත් වුවා. ඔවුන්ගේ දරුවා ජීවත් ව සිටින බව ඔවුන්ට තේරුම් ගියා.

ඇයගේ ඇඬුම් හඬ මෙයට ලඳ හොඳම සාක්ෂියයි.මෙය පිළිබඳ විස්තර දැක්වු මෙම බිළිඳියගේ පියා පවසන්නේ ඔහු තම දියණිය සුදු පාට තිරයකින් ආවරණය කර තිබු අතර මාගේ බිරිය ඇගේ කුඩා ශරීරය හා අත අල්ලා අත ගෑමට පටන් ගත් අතර ඇගේ මුහුණේ ඇති ආවරණය ඉවත් කිරීමෙන් අනතුරුව ඇය ඇඬීමට පටන් ගත් බවයි. එවේලේම ඇය දරුවාද රැගෙන ළඳරු ඒකකය වෙත සැනින් දිව ගියාය.

ඇනලියා ආර්ජන්ටිනා ක්ලැරින් පුවත්පතට පවසන පරිදි ඇයව මෙසේ පැය 12ක් ශීතකරණයක බහා තිබු නිසා ඇගේ ශරීරය මත අයිස් පවා බැඳ තිබු බවයි. රෝහල් අධ්‍යක්ෂ ජෝස් ලුවිස් පවසන අන්දමට ඇගේ ජිව සාධක උපදින විට තුරන්ව තිබීමත් එයට හේතුව ඇගේ ශරීර උෂ්ණත්වය අස්වාභාවිකව අඩුව තිබීමත් නිසාවෙනි. එම හේතුවෙන් මෙම දරු උපත සිදුවු අවස්ථාවේ කටයුතු කල සියල්ල ඇය මියගොස් ඇති බව තහවුරු කරන ලඳ වුවත් පැය 12 කට ආසන්න කාලයක් ශිතකරණයක් බහාලු මෙම බිළිඳිය ජීවය ලැබීම සැබැවින්ම ආශ්චර්යයක් වන බව ඔවුන්ගේද මතයයි. මෙම බිළිඳියට මව්පියන් පසුව ලුස් මිලාග්‍රෝස් යන නාමය තබා ඇති අතර එහි අර්ථය ආලෝකය සහ ආශ්චර්යය යන්නය.

Share this post with your friends!