ඇමරිකාවේ ෆ්ලොරිඩා හී පාවෙමින් තිබෙන අපූරු නෞකාව!

A-Fata-Morgana-Mirage-at-Cocoa-Beach-Florida
පියවි ඇසට දැකිමට අපහසු මිරිඟුවක් දිස්වන ආකාරය පිළිබඳ අපූරු දසුනක් ග්‍රහනය කර ගැනීමට නිවාඩුව ගත කිරීමට පැමිනෙන පුද්ගලයෙකුට පුළුවන් වුනා.ෆ්ලොරීඩා හි කොකෝවා නම් මුහුදු වෙරළ අසල පිහිටි නිකේතනයක සදළුතලයේ සිට මුහුද දෙස නෙත් යොමු කර සිටි මොහු ක්ෂිතිජ රේඛාව දෙසට අවධානය යොමු කරන විට මෙම පාවෙමින් තිබු නෞකාව ඔහුගේ නෙත් ඉමට හසු විය.දුර සිට නරඹන්නෙකුට මෙය දිස්වෙන්නේ විශාල නෞකාවක් සාගර තරණයේ නිමග්න වන ආකාරය ලෙසය.මෙම චමත්කාර දසුන මධ්‍ය අවකාශය තුල මෙම නෞකාව ගැවසෙමින් තිබෙනවා සේ පෙනෙන මිරිඟුවක් වුවද එය සැබැවින්ම චමත්කාරජනකය.
A-Fata-Morgana-Mirage-at-Cocoa-Beach-Florida (1)
මෙම සංසිද්ධිය ෆටා මෝර්ගානා මිරිඟුව ලෙස හැඳින්වෙන අතර මෙය ආලෝකයේ පැහැයන්ගෙන් නිර්මානය වන මිරිඟුවකි. මෙම ආලෝකය සහිත සින් පටිය ක්ෂිතිජ රේඛාවේ සිට පහලට වැටෙන විට අපට දිස්වන්නේ මෙම නෞකාව වතුර මට්ටමට උඩින් පාවෙමින් තිබෙනවා සේය.මෙවැනි මිරිඟු සහිත දසුන් අපට තැනිතලා භූමියක හෝ, සාගරයක,ධ්‍රැවිය කලාප වල හා කන්තාරවල දැකිය හැකිය.මෙම මායාව සිදුවිමට ඇති හේතුව නම් ආලෝක කදම්භ යන් වෙනස් උෂ්ණත්වයකින් ගමන් කිරීමයි.මෙම ඡායාරූපය ගෙන ඇත්තේ තරමක් උණුසුම් දේශගුණ තත්වයකය. මෙවැනි මිරිඟුන් සමාන්‍යයෙන් ඇතිවන්නේ සීතල දේශගුණයන් වලදි වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

Share this post with your friends!