මේ සීනිවත් ලූණුවත් නොවෙයි, අපි හැමදාම අනුභව කරන වස ජාතියක්!

මේ ඔබ දකින්නේ සෝඩියම් ග්ලූටමෙට් ඊ621 කියන රසායනිකය පිටතින්ද ර්ශනය වෙන ආකාරයයි. එය ආහාර වල රසය වැඩිකිරීම සඳහා බොහොමයක් ආහාර වලට එකතු කරන ප‍්‍රසිද්ධ ආකලනයකි.

මෙම සුදු ස්ඵටික කැබලි විශේෂය බැලූ බැල්මට ලූණු සහ සීනි වලට සමානයි. එහි අභ්‍යන්තරයේ ඇති ජලමය ද‍්‍රාවනය සුප් සහ මස් රසක් ගන්නවා. ඕනෑම ආහාරයකට ඇතුලත් කළහැකි එම සෝඩියම් ග්ලූටමේට් රසායනිකය නිසා ආහාර රුචිය ඉහලයන අතර, වැඩිපුර ආහාර අනුභව කිරීම සහ තරභාරු කම වැනි තත්වයන් ඇතිවෙනවා.
Monosodium_glutamate_crystals-allergie-saveur-01
සියලූම වර්ගයේ සොසේජස්, චිප්ස් , සකසන ලද සුප් වර්ග, ටින් කෑම බියර් සහ තවත් බොහොමයක් ආහාර වල සෝඩියම් ග්ලූටමේට් දැකගන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයින් සඳහා වූ ආරක්‍ෂිත මාත‍්‍රාව වන්නේ දිනකට ග්?ම් 1.5 දක්වා වූ ප‍්‍රමාණයකි. කුඩා දරුවන්ට නම් ග්?ම් 0.5 කට වඩා ලබා දීම ආරක්‍ෂිත වන්නේ නැහැ.

නමුත් අදවන විට අප වෙසෙන ලෝකය තුල වසරකට සෝඩියම් ග්ලූටමේට් ටොන් ලක්ෂ දෙකක් පමණ භාවිතා වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එම රසායනිකය ඕනෑවට වඩා ශරීරගතවූ විට ඇතිවෙන සෞඛ්‍යය තත්වය හඳුන්වන්නේ (චයිනීස් රෙස්ටුරන් සින්ඞ්රෝම්* යනුවෙනි. ඒ හේතුවෙන් කරකැවිල්ල, හිසරදය, පෙනීමට බාධා සිදුවීම, හෝමෝන අසමතුලිතතාවය, ඔක්කාරය, දුර්වල බව සහ පපුවේ වේදනාව වැනි තත්වයන් ඇතිවෙනවා.

ආහාර වල රසය වැඩිකරන එම රසායනිකය සොයාගනු ලැබුවේ 1907 වර්ෂයේදීයි.

ආහාරයේ ඇති ස්වභාවික රසය වැඩිදියුණු කරනවාට අමතරව ටින් කෑමවල, ක්ෂණික ආහාරවල සහ ශීතකළ ආහාරවල සුවඳවත් බවද වැඩි කිරීමටද කටයුතු කරනවා. ඇමරිකාවේ ඉතාමත්ම ජනප‍්‍රියත්වයට පත්ව තිබෙන එම ආහාර ආකලනය නිසා ආහාර වැඩිපුර විකිනීමක්ද සිදුවෙනවා.

සෝඩියම් ග්ලූටමෙට් යොදාගනිමින් සිදුකරනු ලැබූ පර්යේෂණය වලදී, සෝඩියම් ග්ලූටමෙට් අන්තර්ගත ආහාර මීයන්ට ලබාදී තිබෙනවා. එම ආහාර අනුභව කල මීයන්ගේ ඇස් පෙනීම අහිමිවුනු බවයි පර්යේෂකයින් පවසා සිටින්නේ.

සෝඩියම් ග්ලූටමෙට් වල ඇති තවත් එක් අහිතකර ප‍්‍රතිපලයක් නම්, දිවේ ඇති රස ප‍්‍රතිග‍්‍රාහකයන්ට හානිවීමයි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, කාලයත් සමග ආහාර අවබෝධය එසේත් නොමැතිනම් ආහාරවල රස දැනීම කියන තත්වයද වඩාත් නරක අතට හැරෙනවා.

එය ඇබ්බැහිකාරකයක් ලෙස ක‍්‍රියාත්මක වෙන නිසා තම , ආහාර නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන අලෙවිය ඉහල යනවා.

හොඳින් මතක තබාගන්න

ආහාර නිෂ්පාදනයට යන පිරිවැය තරමකින් අවම වෙන නිසා සහ අඩු ප‍්‍රමිතියකින් යුත් ආහාර වලට ඉහල ගුණාත්මක තාවයක් ආරෝපණය වෙන නිසා ආහාර නිෂ්පාදකයින් ඉන් ලාභ උපයවා. නමුත් මිනිස් සිරුරට ඉන් පිරිමැසිය නොහැකි ආකාරයේ විශාල හානියක් සිදුවෙන බව හොඳින් මතක තබාගන්න.

Share this post with your friends!