ගිනි ගන්නා ගොඩනැගිල්ලකින් ආරක්ෂිතව තම පවුල බේරන සුපිරි විරයා!

හදවත නැවතෙන සුළු දසුනක් වන මෙහි පියෙකු අහස දෙස බලමින් යාතිකා සිදුකරන්නේ ගිනි ගෙන දැවීයාමට ප්‍රථමයෙන් තම දරු පවුල ආරක්ෂිතව බේරා දෙන ලෙසය. මෙම ගින්න සිදු වන්නේ රුසියාවේ මහල් 5කින් සමන්විත ගොඩනැගිල්ලක් තුලය.මොස්කව් වලට ආසන්න නගරයක් වන ස්ටෘනිනෝ හි ඇතිවන මෙම සිද්ධියේදී 5වන මහලේ රැඳි සිටි පවුලක් මෙම විශාල ගින්නෙන් හා දුමෙන් බේරීමට දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටියා.රැඳි සිටි මිනිසුන්ගෙන් මිනිසුන් 20 දෙනෙක් ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් බිමට පනින ලෙස කෑ ගැසුවේ පහලදි ඔවුන් අල්ලා ගැනිමට එම මිනිසුන් සුදානම් වන බව පවසමිනි.

මොවුන් විශාල පොරෝනාවක් දිග හැර ඒ මතට මෙම පවුල වැටෙන ලෙස සකස් කිරීමෙන් අනතුරුව සිරවි සිටි මෙම දරු පවුලේ පියා තම දරුවන් දෙදෙනා ආරක්ශිතව ගොඩනැගිල්ලෙන් විසි කරනු ලැබුවා.ඉන් පසු තම බිරියද එම පොරෝනාව තුලට ආරක්ෂිතව යොමු කල මොහු අවසානයේ දි එම බැලැන්කට්ටුවට පැන ත දිවියද බේරා ගනු ලැබුවා.ඔබම ඔහු පනින ආකාරය සියැසින් නරඹන්න. සුළු තුවාල සහිතව වුවද මෙසේ දිවි ගලවා ගැනීමට හැකි වීම අතිශයින්ම සතුටට කරුණකි.

Share this post with your friends!