අවුරුදු 20ක පෙනුමක් ලබන්න අවශ්‍ය නම් දිනකට වරක්වත් මෙය සිදු කරන්නම ඕන!

Do-this-every-day-and-your-skin-will-looks-like-you-are-20
රැළි නොවැටුනු පැහැපත් තරුණ පෙනුමක් ලබා ගැනීම සෑම කන්තාවකගේම පරම අභිලාෂයයි.ජනප්‍රිය කතුන් බොටොක්ස් නැමැති ක්‍රමය මගින් මෙය සිදු කරන අතර මෙය ඉතා මුදල් අධිකව වැය වන ක්‍රියාවක් නිසා මෙයට වියදම් කිරීමට හැක්කේ සීමිත කන්තාවන් ප්‍රමානයකට පමනි.අනෙක් අතට එහි භාවිතා වන රසායනික ද්‍රව්‍ය වලින් ඇතිවන අතුරු ආබාධ ද බහුලය.නමුත් මෙහි ඉදිරිපත් කරන මේ ක්‍රමය ඔස්සේ ඔබට පහසුවෙන් සරලව එමෙන්ම ප්‍රතිඵලදායක ලෙස මෙම කාර්යය ඉටු කර ගත හැකිය.මෙහි ඇති යහපත්ම දෙය නම් මෙය ඉතා ලාභදායි මෙන්ම පහසුවෙන් සොයා ගත හැකි වීම හා ඉක්මන් ප්‍රතිඵල ලබා දීමයි.සමහරක් විටක ඔබට මෙම අමු ද්‍රව්‍ය ඔබගේ මුළුතැන්ගෙයින්ම සොයා ගත හැකි අතර නිවසේදීම සාදා ගත හැක. නිවසේදීම සාදා ගන්නා මෙම මුහුණු ආවරණ ආලේපය මගින් ඔබට සුමුදු පැහැපත් තරුණ සමක් ලබා ගත හැකි බව නිසැකය.

මෙය සාදා ගැනීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය

  • කිසිවක් මිශ්‍ර නොකල පිරිසිදු කැරට් යුෂ තේ හැඳි 5ක්
  • කුඩු කරන ලඳ ඉරිඟු ඇට තේ හැන්දක්
  • පැඟිරි හෝ (මුහුණූ ආලේපනයක්)(සෝ ක්‍රීමී)

සදා ගන්නා අයුරු:
මිලි ලීටර් 100ක වතුර ප්‍රමානයට ඉරිඟු කුඩු එකතු කර මඳ ගින්නේ හැඳි ගාමින් වතුර ඉවත් වී උකු වනතුරු සිටින්න.ඉන් පසු එය ඉවතට ගෙන සිසිල් වීමට ඉඩ හරින්න.ඉන් පසු එයට කැරට් යුෂ හා (සෝ ක්‍රීම් ) ආලේපනය එකතු කර තලපයක් සේ සදා මුහුන ආවරණය වන සේ ගල්වන්න. මෙය සිදු කිරීමට පෙර ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර මෙය ගල්වා පැය භාගයක් පමණ තිබෙන්නට හැර උණු වතුරෙන් සෝදා හරින්න.ඔබ වැඩි ප්‍රමානයක් මෙය සකස් කොට ශිතකරණයක බහාලමින් කල් තියා ගනිමින් භාවිතයට ගත හැක.මෙහි ප්‍රථිඵල ලබා ගැනීම සඳහා සතියකට3-4ත් වාරයක් මෙය භාවිතා කල යුතුය.මෙය තුලින් ඔබේ සමේ ලප කැලැලි,අව පහැ ගැන්වීම්,කළු පැල්ලම් ඉවත් කරමින් පැහැපත් සුමුදු සමක් ලබාදී ඔබව තරුණ කරයි.ඉතින් ඔබ තවත් පමා විය යුතු නෑ….

Share this post with your friends!