සජීවි වැඩසටහනක අභිරහස් ලෙස අතුරුදහන් වන කන්තාවක්!

මෙය පුදුමාකාර ප්‍රහේලිකාවක් වන අතර මෙම සිදුවීම සිදුවන්නේ සජීවි වැඩසටහනකදීයි. එනම් කන්තාවක් එක් අංශූමාත්‍රයක හෝ සලකුණක් නොමැතිව අතුරුදහන් වීමයි.මෙය එක්තරා ආකාරයක රැවටීමක්ද?එසේත් නැතිනම් මායාවක්ද?නැතහොත් මාධ්‍ය වර්තා කරුවන් මුහුන දුන් සත්‍ය සිදුවීමද?මෙය සිදුව ඇත්තේ කොපෙන්හැන්ගන් ගුවන් තොටුපලේ ක්‍රීඩා මධ්‍යස්ථානයහි ඩැනිශ් රූපවාහිනි නාලිකාව මඟින් සිදු කල සජීවි වැඩසටහනකදීය.සම්මුඛ සාකච්ඡාකරුට පිටුපසින් ගමන් මල්ලක් සහිතව සිටි මෙම කන්තාව තවත් කන්තාවක් සමඟ කථා කරන බව පෙනුනත් තවත් සුළු මොහොතකින් ය හදිසියේම අතුරුදහන් ව ඇති බව වැටහුනා.මෙය සිදුවන්නේ කැමරාව ඉදිරිපිටදීමය.පැය 24කට පසු ලැව් ගින්නක් සේ සමාජ වෙබ් අඩවි ජාලවල නිරත වන ප්‍රශ්නය නම් ඇය අතුරුදහන් වුයේ කුමන ස්ථානයකටද යන්නයි. මේ වන විට මිලියන 3 කට අධික ප්‍රමානයක් මෙම විඩීයෝව නරඹා ඇති අතර මෙය තවමත් අප දකින ඇස් බැන්දුමක්ද යන්න නිසැකවම මතුවන පැනයකි.

Share this post with your friends!