දුරකථනයේ ආරක්ෂක මතුපිට කවරය ටෙස්ට් කරන අලුත්ම විදිහ!

drop-2-1024x576
යම් උසකින් අයි ජංගම දුරකථනයක් බිමට පතිත කලහොත් එම ජංගම දුරකථනයට කුමක් සිදුවෙයිද? භාවිතා කර ඇති ආරක්ෂක වැසුම් නිසා එයට අලාභ හානි සිදු නොවෙයිද? නවතම අයි ෆෝන් 6 දුරකථනයේ ආරක්ෂක මතුපිට කවරය නිර්මානය කර ඇති යු.ඒ.ජි සමාගම 2014 වසරේ මෙම අයි ෆෝනය බැලුනයක් අධාරයෙන් අඩි 101345 ක උසක සිට පහත හෙලන විඩීයෝවක් නිකුත් කළා.
drop-3-1024x576
ඔබ සිතන අන්දමට කුමක් සිදු වන්නට ඇතිද? මෙම අයි ෆෝනය ඉතා ක්‍රමවත් නිෂ්පාදනයක් බව මෙම සමාගම හෙලි කරයි. එමෙන්ම මෙම පරික්ෂනය සිදු කරන අවස්ථාවේ අයි ෆෝනයේ තිරය සඳහා කිසිඳු ආරක්ෂක වැසුමක්ද මොවුන් යොදා තිබුනේ නැහැ. කෙසේ වුවද අඩි 101345ක උසකින් සෙල්සියස් අංශක -61.6667 උෂ්ණත්වයකින් හා පැයට කිලෝ මීටර් 70ක පමන වේගයකින් ඉගිලුම් විදනයක් සමඟ යැවු අයි ෆෝනය බිමට වැටීමෙන් කිසිඳු හානියක් සිදු නොවී හොඳින් ක්‍රියා කරන බවට සනාථ විය.
drop-5-1024x576
ඉගිලුම් විදනය නම් මෙහිදි වීනාශ විය.සිනෙට් වර්තා වලට අනුව අධික සිතලට ෆෝනයේ බැටරි ශක්තිය නික්ම ගොස් තිබු අතර නැවත බැටරිය ආරෝපණය කල පසු ඉතා හොඳින් ක්‍රියාත්මක වී ඇත.මෙය පුර්ව වෙළඳ ප්‍රචාරන උපක්‍රමයක් බවට නිගමනය කලද අයි ෆෝන් පාරිභෝගිකයන්ට නම් මෙය වටිනා තොරතුරක් වනු නිසැකය.

Share this post with your friends!