අවුරුදු 17ක් පුරාවට පොලව යට මිහිදන්ව සිටි පතල් කරුවා!

චීනයේ සෙන්ජියැන් පළාත යනු පතල් කර්මාන්තය සඳහා ඉතාමත්ම ප‍්‍රසිද්ධ පළාතකි. එහි වූ පැරණි පතලක් කණිමින් සිටි පතල් කරුවන් පිරිසකට පණපිටින් සිටින පුද්ගලයෙකු සොයාගැනීමට හැකිවී තිබෙනවා. මීට අවුරුදු 17කට පමණ පෙර එම ප‍්‍රදේශයට දරුණු භූමිකම්පා තත්වයක් ඇතිවුණු නිසා බොහොකාලයක් පුරාවට එම පතලේ රාජකාරී කටයුතු සිදුකිරීම අතහැර දමා තිබුනා. එලෙස වාසනාවන්ත ලෙස දිවිබෙරා ගෙන තිබුනේ 59 වියැති චෙවුන් වයි මහතායි. අවුරුදු 17ක් පුරාවට පොලව තුල මිහිදන්ව සිටි එම පුද්ගලයා පතලෙන් ගොඩගත් විගසම වෛද්‍යප‍්‍රතිකාර සඳහා රෝහල වෙත පිටත්කර හැරීමට ඔවුන් කටයුතු කළා.

රික්ට මාපක 7.8ක් ලෙස සටහන් වූ එම භූමිකම්පාව නිසා පතල රඳවාගෙන සිටි දැවමය සැකිල්ල බිඳීගිය අතර 118 දෙනෙක්ගේ මල සිරුරද සහිතව ඔහු පොලව තුල පනපිටින්ම වැලලූනා. අවුරුදු 17ක පමණ කාලයක් ඔහුට දිවිබෙරා ගැනීමට හැකිව තිබුනේ හාස්කමකින් මෙන් හුස්මගැනීමට හැකි ලෙස වා සිදුරක් එහි නිර්මාණයවී තිබුණු නිසාවෙනි.

පෙර වාසනාවකට මෙන් ඔහු සිරවී සිටි එම පතල තුල සහල් සහ වතුර විශාල ප‍්‍රමාණයක් ගබඩාකර තිබුනා. පතලක් තුල එලෙස ආහාර සහ ජලය ගබඩාකර තබන්නේ හදිසි අවස්තාවකදී භාවිතයට ගැනීමට හැකිවන ලෙසයි. වියලි ආහාර වලට අමතරව එහි සිටි මීයන් සහ කුඩා කෘමි සතුන්ද අනුභව කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

කොපමණ කුසගිනි දැනුනත් තම සගයින්ගේ මල සිරුරු අනුභව නොකරමි යන දැඩි අධිෂ්ටානයෙන් සිටියත්, කාලයත් සමග ඔහුට මියගිය අයගේ මස් අනුභවය කරන්නට සිදුවී තිබෙනවා. එය හර්දසාක්ෂියට එකගව එය සිදුකල නොහැකි නිසා ඔහු බහුතරයක් වූ මෘත සිරුරු මිහිදන් කිරීමට කටයුතු කල බවයි වාර්තා වෙන්නේ.

අවුරුදු 17ක් පුරාවට ඔහු කෙසේ හෝ තම ජීවිතය රැුකගෙන සිටීමට සමත් වීම කෙතරම් අරුමයක්ද.

Share this post with your friends!