කිසිම බයක් නැතිව අඩි 18ක් දිග සද්දන්ත නාගයෙක් ඇල්ලු මිනිසෙක්!

king-cobra-2-768x575
සර්පයින් යන නම ඇසු පමනින් හිතේ බියක් පමනක් නොව චකිතයක්ද ඇතිවේ. ඒ අතරින් විසකුරු නාගයන් ප්‍රධාන තැනක් ගනී.නාගයින්ගෙන් විශාලතම නාගයා වන විශාල නාගයා උග්‍ර විෂ සහිත වන අතර එම නාගයාට අඩි 18ක් වන තෙක් දික්විය හැකි බව මේ වන විට සොයා ගෙන ඇත.මෙවැනි නාගයෙකුගේ දෂ්ඨනයට ලක් වුවෙක් විනාඩි 30ක පමන කාලය තුලදී මරණයට පවා පත් විය හැක. එක් දෂ්ඨනයකින් මිනිසුන් 20ක් මැරිය හැකි අතර එක් අලියෙකු මරණයට පත් විය හැකිය.
king-cobra-1
තායි වර්තා වලට අනුව රෝගීන් 35 දෙනෙකුගෙන් 10ක් ම මෙම නාග දෂ්ඨනය නිසා මරණයට පත් වේ. මෙවැනි දරුණු විචාරයන් සහිත මෙම නාගයා මෙල්ල කිරීමට තරුණයෙකු ඉදිරිපත් වීමම නිර්භීත කමකි.මෙම තරුණයා කැමරාවක් අතැතිව තාල වර්ගයේ ගසක් අසල සිටින මෙම උග්‍ර නාගයාව කැමරාවට හසු කරගන්නා ලඳි. මෙම විඩීයෝව දෙස බැලු විට මෙම නාගයා කෙතරම් විශාලද යන්න අවබෝධ වේ.
king-cobra-4
මෙම නාගයා කෙසේ හෝ නොසෙල්වි සිටින අතර මෙම තරුණයා එම නාගයාගේ වල්ගයෙන් අල්ලාගෙන සිටී.මොහු මෙම නාගයාගේ වල්ගයෙන් ගෙන කරකවා ඌව එම ගසේ කඳ වටේ ඔතමින් ඌගේ ප්‍රහාරය වලකාලන අතර මේ තත්වය නිසා පලායාමට නාගයා උත්සාහා කලද එය ව්‍යාර්ත විය. මෙම සටන විනාඩි 8 ක් තිස්සේ පැවතුනු අතර පසුව පැමිනි අධාරකරුවන්ගේ සහායද ඇතිව ලණුවකින් මෙම සත්වයා ගසට බැඳ තැබීය.

Share this post with your friends!