අමනුශ්‍ය බැල්මකට පාසල් ළමයි 100 දෙනෙක් හසුවෙලා!

උතුරු දිග ප්‍රදේශයේ පේරුහි පාසල් ළමුන් 100 දෙනෙක් යක්ෂයෙකුගේ බැල්මට හසුව භීතීයට පත්ව තිබෙනවා. මොවුන් පවසන අන්දමට කළු වේෂයෙන් පැමිනෙන මිනිසෙකු මෙම දරුවන් මැරීමට උත්සාහා කරන බව මොවුන් වැඩිදුරටත් පවසනවා.මෙම සිදුවිමේ සුල මුල තවමත් අනාවරනය කරන අතර මෙය සිදුව ඇත්තේ එල්සා පෙරියා ෆ්ලෝරස් නම් පාසලේය.ආදී කාලයේ මෙය මාෆියා සංවිධානවල සොහොන් බිම ලෙස ප්‍රචලිතව තිබී ඇත.
possessed2
කෙසේ වුවද මේ හේතුවෙන් අධික භිතීයට හා මානසික ව්‍යාකූලත්වයන්ටද සමහර දරුවන් මුහුන පා ඇත.දත්ත වර්තා වලට අනුව ඉකුත් මාසයේදි 80කට වැඩි දරුවන් පිරිසක් මෙම භායානක සිදුවීමට මුහුන පා ඇති අතර එයින් වැඩි ප්‍රමානයක් මේ හේතුවෙන් ක්ලාන්ත භාවයට පත්ව ඇත.වයස අවුරුදු 11-14ත් අතර ළමුන් ක්ලාන්ත භාවයට,නොනවත්වා කෑ ගැසීම් වලට හා මාංශ පේශී ගැස්මට හසුව ඇත.ජාතික නාලිකාවකට මේ පිළිබඳ තතු පවසන ඇන්ටනි චෝයි පවසන ආකාරයට මෙය අප්‍රේල් 29 වන දින පටන් ගත් අතර මෙය සිදුවන්නේ කෙසේද…යන්න ගැන තවමත් අනාවරනය කරගැනීමට අපොහොසත් බවත් තවමත් මෙය සිදුවෙමින් ළමුන් අධික ලෙස භීතියට පත්වන බවත් වැඩිදුරටත් පවසා තිබුනා.

මෙම තත්වයට මුහුන දුන් දැරියකගේ මවක් පවසන්නේ තම දියණිය පාසලේ ක්ලාන්ත වී ඇතී අතර ඉන් පසුව රෝහල් ගත කලද පාසල් බලධාරීන් මෙයට හේතුවක් නොදක්වා ඇති අතර ඉන් අනතුරුව ඇය කටින් පෙන වැගිරීමට පටන් ගෙන තිබෙනවා. තවත් මෙම අත්දැකීමට මුහුන දුන් ශිෂ්‍යයෙක් පවසන අන්දමට තමා එම සිද්ධිය මතක් කිරීම පවා භියා එළවන සුළු බවත් කළු පැහැති ලෝගුවක් දමා ගත් රැවුල සහිත මිනිසෙකු තමාට හිරිහැර කිරීමට උත්සාහා කරන බවත් ඔහු එයින් බියට පත්ව කෑගසන ආකාරය යහළුවන් විස්තර කරන බවත් පැවසීය.
possessed1
තවත් දරුවෙකු පවසන අන්දමට ඇයට මෙම සිද්ධිය සිදුවු අවස්ථාවේ කිසිවෙකු තමාගේ බෙල්ල සිර කරන බවත් තමාට හුස්ම ගැනීමට අපහසු වු බවත් ඇය අත ඉවත් කරන ලෙස ඉල්ලා මොර ගැසු බවත් පැවසීය.අවුරුදු 13 ක් වයසැති දැරිවියක් පවසන අන්දමට එකම මොහොතකදී පන්තීවල ඇතී සිසුන් කීප දෙනෙකු ක්ලාන්ත වු බවත් ඇයට එම භීතිය හේතු කොටගෙන වමනය ඇතිවු බවත් යට කී රුවට සමාන මිනිසා තමා පසුපස එලවමින් තමාව ස්පර්ශ කිරීමට උත්සාහා කර බවත් අනාවරනය වුවා.

ෆ්‍රැන්ක්ලීන් ස්ටේනර් නැමැති පාරමනෝවිද්‍යාඟයා සඳහන් කල ඇති ආකාරයට මෙම පාසල් භූමිය පිහිටා ඇති ස්ථානය දරුනු මනුශ්‍ය ඝාතන රැසක් අනාවරනය කරන ලඳ වු ස්ථානයක් බවක් එහි යම් බලපෑමක් මෙයට එල්ල වී ඇති බවත් අනාවරනය වේ.සමාන්‍ය ජනයාගේ මතයට අනුව මෙය කිව්ජා නැමැති බෝර්ඩයක් ගෙන ළමුන් සෙල්ලමේ යෙදීම නිසා ඇතිවු තත්වයක්ද යන්න සැක සිහිත බවත් එය ආත්මයන් සමඟ ගනු දෙනු කිරීම උදෙසා සකසා ඇති ක්‍රීඩාවක් බවත් එය නොයෙක් ආගම් මගින් මේ වන විට තහනම් කර ඇති බවත් පැවසීය. තවමත් මෙයට කිසිදු නිශ්චීත හේතුවක් සොයා ගත නොහැක.

Share this post with your friends!