පෙම්වතාට 77,000 වාරයක් කෝල් කරපු කාන්තාවට සිදුවුණු දෙය මෙන්න!

ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට දිනකට කී වතාවක් කෝල් කරනවාද ? මෙම කාන්තාව නම් සතියකට 77,000 වාරයක් පමණ තම පෙම්වතාට කෝල් කරා. දිනකට මෙතරම් විශාල ඇමතුම් ප‍්‍රමාණයක් ලබාගත් එම කාන්තාවට සිදුවුණු අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ.

28 හැවිරිදි ලින්ඩා මර්ෆින් කියන මෙම ඇමරිකානු කාන්තාව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, විදෙස් මාද්‍යය වාර්තා කරන පරිදි ඇය විසින් සිදුකර තිබුනේ ඉතිහාසයේ කිසිඳු කාන්තාවක් විසින් සිදු නොකරනු ලැබූ ආකාරයේ පීඩාකාරී ක‍්‍රියාවකි.

දුරකථන ඇමතුම් ලබාගැනීමට අමතරව ඇය විසින් පැමිණිලිකාර පාර්ශවයට, ඊමේල් පණිවිඩ1937ක් , කෙටි පණිවිඩ 41,229 සහ ලියුම් 647ක් යැවීමට කටයුතු කර තිබෙනවා.

ඇයගේ මෙම කරදරකාරී හැසිරීම නිසාම තමයි සති 3ක කාලයක් පුරාවට පවතී ආදර සම්බන්ධතාවයද දෙදරා ගොස් තිබෙන්නේ. පැය 24ක කාලයක් පුරාවට දුරකථන 3ක් භාවිතා කරමින් නොනවත්වාම දුරකථන ඇමතුම් , කෙටි පණිවිඩ සහ ඊමේල් පණිවිඩ විශාල ප‍්‍රමාණයක් යැවීම හේතුවෙන් ඇය වරදකරු බවට පත්වී තිබෙනවා. සතියක කාලයක් පුරාවට නිදිවර්ජිතව සිටමින් නොනවත්වාම දුරකථන ඇමතුම් යැවීම සඳහා ඇය විසින් ශක්ති ජනක පානයන් විශාල ප‍්‍රමාණයක් පරිභෝජනය කිරීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඇය විසින් සිදුකරනු ලැබූ මෙම ක‍්‍රියාව හේතුවෙන් පැමිණිලි කාර පාර්ශවය වන පෙම්වතාට සතියක පමණ කාලයක් නිදා ගැනීමට අපහසු වූ බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පවසා සිටියේ. තම සේවාදයාකයාට හිරිහැර කරපු එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව උසාවියට ස්තූති වන්ත වෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Share this post with your friends!