තමන්ට තර්ජනය කරපු තරුණයින්ට හොඳ පාඩමක් ඉගැන්වීමට කටයුතු කල නිර්භීත තරුණියක්!

අන්තර්ජාලය හරහා තරුණයෙක් ඔබව දුෂණය කරන බවට තර්ජනය කලොත් ඔබ සිදුකරන්නේ කුමක්ද ? ඔබ බොහෝ විට එම තරුණයාව ෆෙස්බුක් එකෙන් බ්ලොක් කිරීමට කටයුතු කරාවි. මදක් සිතා බලන්න, ඔබ එම තරුණයාට පාඩමක් උගන්වන්නේ නැතුව අතහැර දැමුවොත්, ඔහු ඔහුගේ එම නොදැමුණු ක‍්‍රියාවන් නවත්වාවිද? ඔහු ඉන් නොනැවතී තවත් අහිංසක තරුණියන්ව ගොදුරු කරගැනීමට උත්සහ කරාවි. අද අපි ඔබව දැනුවත් කරන්නේ එවැනි නොදැමුණු තරුණයින්ට මතක හිටින පාඩමක් උගැන්වීමට කටයුතු කරනු ලැබූ වීර තරුණියක් පිළිබඳවයි. මෙම ලිපිය කියවන විට එවැනි අවස්තාවන් සඳහා සාර්ථකව මුහුණ දීමට ඔබටද ලොකු ශක්තියක් ලැබෙනවාට කිසිඳු සැකයක් නැහැ.

ඇලනා ප‍්‍රයිස් කියන මෙම තරුණියටද ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා නොදැමුණු තරුණයින්ගෙන් දුෂණය කරන බවට තර්ජන බොහොමයක් එල්ලවුනා . එම අයුතු යෝජනාවන් සහ තර්ජනයන් හමුවේ නොසැලී කටයුතු කරනු ලැබූ ඇය එම තරුණයින්ට අමතක නොවෙන පාඩමක් ඉගැන්වීමටද කටයුතු කළා. ඇය සිදුකලේ එම තරුණයින්ගේ හැසිරීම පිළිබඳව සාක්ෂිද සහිතව ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමයි. මදක් සිතා බලන්න, තම තරුණ දරුවා කාන්තාවකට දුෂණ තර්ජන කරන බව මවකට අසන්නට ලැබුනොත් එම තරුණයා මව ඉදිරියේ කෙතරම් අපහසුතාවයට පත්වේවිද ? මතුවට එවැනි දේවල් සිදු නොකිරීමට එය ඔහුට අගනා පාඩමක් වෙනවාටද කිසිඳු සැකයක් නැහැ.

එම සිදුවීමේ පින්තූර ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
2
එම තරුණයාගේ මව සමග ඇය කල සංවාදය.
මේ ඇගේ නිල ට්විටර් ගිණුමේ පින්තූරයක්.
343
ඇය වයසින් අවුරුදු 21 පමණ වන ලාබාල තරුණියක් වුනත් ඇය සිදුකල දෙය අන්තර්ජාලය භාවිතා කරන තරුණියන්ට විශාල ශක්තියක් සහ ධෛර්යයක් වී තිබෙනවා.
4

Share this post with your friends!