මෙම පර්යේෂණය සිදුකලොත් ඔබ නැවත කවදාවත් ඇපල් අනුභව කරන එකක් නැහැ!

ඔබ ඔබේ සෞඛ්‍යය තත්වය පිළිබඳව උනන්දු වෙනවානම් පළමුව මෙම වීඩියෝව නරඹන්න.

වෙළඳපොලේ විකි”මට තිබෙන ඇපල් ගෙඩි වලට වැක්ස් ස්පේ‍්‍ර කරන බව ඔබ දන්නවාද ? ඇපල් වලට එලෙස ඉටි ස්පේ‍්‍ර කරනු ලබන්නේ බොහෝ කාලයක් කල්තබා ගැනීමටයි. වෙළඳපොලෙන් මිලදී ගත් ඇපල් ගෙඩි කිහිපයකට උණු වතුර වත්කරොත්, ටික වෙලාවක් ගිය පසුව ඇපල් ගෙඩියේ මතුපිටින් ඉටි ඉස්මතු වෙන්ට පටන් ගන්නවා. ඇපල් ගෙඩියක ඇති ඉටි ප‍්‍රමාණය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි.

ශරීර සෞඛ්‍යයට අහිතකර එම ඉටි ඉවත් කරගැනීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සරල ක‍්‍රමවෙදයක් අද නොදුටු ලෝකයෙන් ඔබට දැනගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන්නේ බේකින් සෝඩා, ලෙමන් යුෂ සහ යන්තම් උණු ජලය ස්වල්පයක් පමණයි. එම සියලූම අමුද‍්‍රව්‍ය හොඳින් මිශ‍්‍රකරගෙන බුරුසුවකින් අතුල්ලනවානම් ඇපල් ගෙඩිය මත තැන්පත්ව තිබෙන ඉටි සියල්ලම ඉවත් කරගන්නට පුළුවන්.

වෙළඳපොලෙන් ඔබ මිලදී ගනු ලබන එළවලූ සහ පලතුරු පළමුව හොඳින් පිරිසිඳු කරගැනීමට අමතක කරන්න එපා. එසේ නොවුනොත් නොයෙකුත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට ඔබට සිදුවේවි.

Share this post with your friends!