චායාවක් නොමැතිව ගමන් කරන අද්භූත මිනිසෙක් කැමරාවක අහම්බෙන් සටහන් වෙයි.

හොල්මන් සහ අවතාර වැනි අද්භූත දේවල් පිළිබඳව චිත‍්‍රපටි වලින් සහ පොත් පත් වලින් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් සැබෑ ජීවිතයේදී එවැනි දේවල් දැක නොමැති නිසා ඔබ බොහෝ විට අද්භූත දේවල් විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්.

පිළිගැනීමට තරම් සාක්ෂි සහ අත්දැකීම් නොමැති නිසා එවැනි දේවල් විශ්වාස නොකිරීමට පෙළඹීම සාමාන්‍ය දෙයක්.

සී.සී.ටී.වී කැමරාවක සටහන් වූ මෙම රූප රාමු පෙළ ලොව පුරා බෙහෙවින් ප‍්‍රචලිත වූ අතර බොහෝ දෙනෙක් පුදුමයට පත්කිරීමටද සමත්වුනා කිව්වොත් නිවැරදියි. පාවහන් වෙළඳ සැළක සවි කර තිබූ කැමරාවක සටහන් වූ මෙම රූප රාමු පෙළ හොඳින් නැරඹුවොත්, චායාවක් නොමැතිව කැඩපතක් අසලින් ගමන් කරන අද්භූත මිනිසෙක් ඔබට දැකගන්නට ලැබේවි.

මිනිසුන්ගේ ලේ උරා බොමින් ජීවත් වෙන, චායාවක් නොමැති, හිරු එලියට බිය අමර”ය වැම්පයර් වරු චිත‍්‍රපටි වලින් සහ රූපවාහිනී කතා වලින් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් ඔවුන් සැබෑ ජීවිතය තුල වෙසෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? මෙම වීඩියෝව නැරඹු ඇතැමෙක් නම් පවසන්නේ මේ සිටින්නේ අහම්බෙන් කැමරාවක පටිගත වූ රීරි පිසාචයෙක් (වැම්පයර්* බවයි.

ඇතැමෙක් එසේ පවසත්දී සමහරෙක් පවසන්නේ මෙම වීඩියෝව මිනිසුන් මුලා කිරීමේ අදහසින් යුතුව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි.

Share this post with your friends!