අවුරුදු 21 ට පස්සේ තමන් ගේ ලෙයින් හැදුනු දරුවා මුනගැසෙයි……ඇතිවන හැඟීම නරඹලාම බලමුද?

වයස අවුරුදු 15 ක් පමන බාල වයස්කාරියක වන ක්‍රිස්ටිට මීට අවුරුදු 21ට පෙර තමන්ට දාව උපත ලඳ දරුවාව අකමැත්තෙන් හෝ දීමට සිදුවන්නේ ඇයට එම දරුවා සදා ගැනීමට ඇති නොහැකියාව නිසාය. කෙසේ හෝ තම දරුවාට මීට වඩා සුදුසු හා යහපත් ජීවිතයක් ලැබෙන නිසා ඇයද මෙම යෝජනාවට සිය කැමැත්ත පල කලා.නමුත් වසර 21 ක් පුරාවටම ඇ‍ය තම පුතු නිරතුරු සිහිකළ අතර ඔහු දැකීමේ මහත් අශාවකින් පෙලුනා. තම පුතුද එවැනි අශාවකින් පෙලෙමින් සිටිය බව ඇය දැනගන්නේ පසුවයි.අවසානයේ 2013 මැයි මාසයේදී තම මව සොයාගැනීමට මෙම පුතුට හැකිවුනා.

එපමනක් නොව තමා කිසිම දිනක තමාට උපත දුන් මව අමතක නොකරන බව ප්‍රකාශ කළා. අවසානයේ මොවුන් නැවත එකතු වීමට තිරණය කළා.ගුවන් තොටුපළේ තම පුතුගේ පැමිනීම අපේක්ෂාවෙන් සිටිනි ක්‍රිස්ටි ඉතා නොසන්සුන් බව හැඟි යන්නේ ඇයගේ අත් වෙව්ලමින් නොඉවසිල්ලෙන් ඇය බලා සිටින ආකාරය දුටු විටයි.තම පුතු පැමිනීමත් සමඟ ආදරණීය වැළඳගැනීමකින් පිළිගත් අයුරු හා ඔවුන් අතර ඇතිවන සංවේදීගත හැඟිම් වචනයෙන් විස්තර කල නොහැකියි. ඔබම නරඹා බලන්න.

Share this post with your friends!