සිංහ දජය මුලින්ම එවරස්ට් කඳු මුදුනට ගෙන ගිය කත මාරාන්තික අත්දැකීමකට මුහුණ දීලා!

89662917_9c0bf9dd-9ad0-4977-a78b-9ab31eee9c84
ලෝකෙම උසම කඳු මුදුන එවරස්ට් කන්ද. උසින් අඩි 29029ක් හෙවත් මීටර් 8750ක් උස එවරස්ට් කන්ද තරණය කරන්න කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ දක්වා සමත් වෙලා නැහැ ඉතිහාසයේ මුල්වරට එවරස්ට් කඳු මුදුනේ සිංහ දජය ඔසවන්න ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වුණා.

ඇය ජයන්ති කුරුඋතුම්පාල. ඇයගේ වයස අවුරුදු 37ක් ඇයත් එක්ක යොහාන් පිරිසුත් එවරස්ට් අභියෝගය ජය ගන්න අපේ රටෙන් පිටත් වුණේ පහුගිය මාර්තු මාසේ 28 වෙනිදා. එවරස්ට් කන්ද තරණය කරන්න කඳවුරු හතරක් පහු කරන්න සිද්ධ වුණා. එවරස්ට් කඳු මුදුන පේන තෙක් මානයේ තියෙන අවසන් හතරවෙනි කඳවුරෙන් ගොඩක් අය මේ කඳු තරණය අවසන් කරනවා. ලංකාවෙත් ගොඩක් අය මේ දක්වා මේ හතරවෙනි කඳවුරෙන් එහාට ගිහිල්ලා නෑ. හැබැයි ජයන්ති ඉතා දුෂ්කර වූ ඉතුරු කොටසත් තරණය කරලා පසුගිය මැයි 20වන දින එවරස්ට් කඳු මුදුනටම ගියා.

ජයන්ති සමඟ ගිය යොහාන් පිරිස් එවරස්ට් තරණයේ අවසන් අදියර පසුකරමින් ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ. එවරස්ට් කන්ද තරණයට යන අය විවිධ ස්ථාන වලින් ඒ ගමන ආරම්භ කරනවා. ජයන්තිත්, යොහාන් මේ ගමන ආරම්භ කළේ හිමාල කඳු වැටියේ දකුණු අන්තයෙන්. ලෝකයේ මුලින්ම 1953 එවරස්ට් කඳු මුදුනට ලඟා වුනු එඩ්මන් හිලරි හා ටෙන්සින් නොගේ ගමන් මාර්ගය වුණෙත් මේ පාර.

ඉතා දුෂ්කර ගමනක් වුණු මේ ශිත ගිරිසිකරයේ දවසකට යන්න පුළුවන් පැය හයක කාලයක් විතරයි. ඒ වගේම මේ ගමනට විශාල මුදලකුත් වැය වෙනවා. ඒ මුදල ඇමරිකානු ඩොලර් 135,000ක් විතර. මඟ පෙන්වන සමාගමට ඒ අතරින් ඇමරිකානු ඩොලර් 66000ක් යනවා. හිමාලයේ පිහිටලා තියෙන නේපාල රජයට ඒ සඳහා අවසර ගන්න ගෙවන්න ඕන මුදල ඇමරිකානු ඩොලර් 22,000ක්. විශාල මුදලක් ගෙවලා රක්ෂණය වෙන්නත් ඕනේ. එක් අයෙකුගේ ආරක්ෂක ඇඳුම් කට්ටලයට ඇමරිකානු ඩොලර් 10,000ක් විතර යනවා. සපත්තු දෙක ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් විතර වෙනවා.

මේ හැම අභියෝගයක්ම ජයගෙන එවරස්ට් කඳු මුදුනේ සිංහ කොඩිය එසවීමට සමත්වුණු ජයන්තිටත් එයාට සහ දුන්න ජොහාන්ටත් අපි හදවතින්ම සුභ පතනවා. ඒ වගේම වාර්තා වෙන විදියට එයාලා එක්ක එවරස්ට් කඳු මුදුනට ළගා වූ කඳු නගින්නන් කණ්ඩායම අතර සිටි දෙන්නෙකු කන්ද බහිද්දී මිය ගිහින්. ඒ කඳු මුදුනේ අධික ශීතල නිසා ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා. නෙදර්ලන්ත ජාතිකයෙකු සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක් මේ විදියට මියගිහින් කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share this post with your friends!