දුප්පත් රෝගීන්ට පිහිට වන සුපිරී වීරයෙක් බඳු වෛද්‍ය සිසුවා!

bengaluru-boy
බෙන්ගලුරු වැසියෙක් වන වීනිත් විජයාන් තම මිතුරෙකුගේ මවක මුන ගැසීම සඳහා වෛද්‍ය විද්‍යාලයට යමින් සිටියා. එහිඳි ඔහු තමා ගොඩවුනු ත්‍රිරෝද රථ හිමිකරුගෙන් විමසුවේ ඔහුට කොන්දේ ආබාධයක් සහිතව පසුවන බැවින් සෙමින් ගමනේ නිරත වන ලෙසය. ” හා සර්” යනුවෙන් ඉතා ගරුසරුව එය පිලිගත් 20 අවුරුදු කොලුවා පිලිබඳ ඔහු ඉතා පුදුමයට පත් විය. නමුත් ඔහු තවත් පුදුමයට පත් වුයේ මෙම ත්‍රිරෝද රථ රියැදුරු සැබැවින්ම කවුද යැයි දැනගත් විටය.

මෙම පුද්ගලයා වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා මිය ගොස් ඇති අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා එක්තැන් වී ඇති අතර ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකු ද සිටී. මෙම රික්ෂෝව ඔහුට වෛද්‍ය විද්‍යාලයෙන් ලැබුනු තෑග්ගක් වන අතර ඔහු වෛද්‍ය විද්‍යාලය සඳහා මඟින් ප්‍රවාහනය කිරීම සිඳු කරන්නේ එතැන් පටන්ය.විජයාන් ඔහුගෙන් ගාස්තුව පිළිබඳ විමසු විට ඔහු පැවසු දෙය නම් “ඔබ මෙම ප්‍රවාහන පහසුකම පිලිබඳ සතුටු වන පමනට ඔබ කැමති මුදලක් මෙම පෙට්ටියට දමන්නට කියා පමණි.එම පෙට්ටියේ සඳහන්ව ඇත්තේ “දුප්පත් සහ අවශ්‍යතා ඇති අය සඳහා ආධාර දැමීමට ඇති පෙට්ටිය” වශයෙනි. වැඩි දුර විස්තර ඔහු පිලිබඳ විජයාන් ලබා ගත්තේ ගේට්ටු මුරකරුගෙනි.

ඔහු සඳහන් කරන ආකාරයට ඔහු ඉපැයු පළමු මුදලින් ඔහු මෙම රික්ෂෝවේ ඉපැයු පළමු මුදලින් එම රික්ෂෝවේ මිල අධ්‍යක්ෂකවරයා හට ලබා දුන් නමුදු ඔහු සිනාවකින් එය ප්‍රතික්ශේප කලේය.මාසය අවසානයේ එකතුවන සියළුම මුදල් ඔහු දුප්පත් සහ අවශ්‍යතා ඇති මිනිසුන් සඳහා බෙදා දෙන බවද මුරකරු පැවසීය. මෙය විජයාන් විසින් සමාජ වෙබ් අඩවි ජාලා වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙය ලැව් ගින්නක් සේ පැතිර ඇත.

Share this post with your friends!