අතේ එල්ලි අත සපාගෙන ඉන්නා මෝරාත් සමඟ රෝහලට…….දැක්කාම පුදුම වගේම බයත් හිතෙනවා!

us-woman-shark_759_twitter
එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි මුහුදු ස්නානයේ නිරත වෙමින් සිටි 23 හැවිරිදි කන්තාවක මෝරෙකුගේ ප්‍රහාරයකට ලක් වීම නිසා ඉක්මනින් රෝහල් ගත කිරීමට සිදුවිය. පුදුමය නම් රෝහල් ගත කරන විටත් එම තරුණියගේ අත සපාගෙන එම මෝරා එල්ලි සිටීමයි.

කුඩා ප්‍රමානයේ අඩි දෙකක් පමන දිගැති මෝරා ප්‍රහාරය සිදුවු ස්ථානයේම මුහුදු යන්නෙකු විසින් මරා දැමුනු අතර මෝරාද සමඟ ඇය රෝහල් ගත කිරීම ඉතා පුදුම සහගත දෙයක් බවත් එම නගරයේ ගිනි නිවන අංශයේ නිළධාරියෙකු වන බොබ් ඩේමන් විසින් සනාථ කරනු ලැබුවා.

මෙම කුඩා ප්‍රමානයේ මෝරුන් කුඩා අවධියේදි මෙවැනි මනුශ්‍ය ප්‍රහාරයන් සිදු නොකරන අතර සමාන්‍යයෙන් උන් ආහාරයට ගන්නේ කුඩා මත්ස්‍ය විශේෂය.නමුත් මෙම සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයට පෙර පිහිනුම් කරුවන් දෙදෙනෙකු මෙම මෝරාගේ වල්ගයෙන් අල්ලමින් ඌට හිරිහැර කල බවයි. එම හේතුවෙන් ඌ උරණ වුවාද යන්න ද සැකයකි. කෙසේ වුවද මෙම තරුණිය මෙම මෝරාද සමඟ රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ එම මොරා අත සපා කමින් සිරවි ඇති බවයි. කෙසේ වුවද මෙවැන්නක් මීට පෙර දැක නොමැති බව වෙරළ ආරක්ෂක කමිටුවේ නිළධාරියෙකු වන ක්ලින්ට් පැවසීය.

Share this post with your friends!