කෙලි මර්ෆිගේ අපූරු විඩියෝව!

තමාවම සිනමාකරණය කරගැනීම අමුත්තක් නොවුවත් ඇයගේ විඩීයෝවේ පසුපස දර්ශනයන් ඔබ නිරික්ෂනය කල විට ඔබ අප්‍රමාන කැලඹිමට පත්වෙනු අනුමානය. ඇය ගීත ගායනා කරමින් කඳු මුදුනට පැමිනියේ හිම මත ලිස්සා යාමේ පුවරුද අතැතිවය.

එතනදී ඇයගේ ගෝ ප්‍රො කැමරා කාචයේ සටහන් වුයේ ඇයට පිටුපසින් සිටින වලසෙකු ඇයට කුරුමානම් අල්ලන අකාරයයි. ඇයගේ විඩීයෝ විස්තරයේ සටහන් වන ආකාරයට ඇය තම හිමේ ලිස්සා යාම පටිගත කිරීමට දැරු අපූරු ප්‍රයන්ත්නයකදී ඇයට ගොදුරු කරගැනීමට ඉතා ආසන්නයේ සිටි මෙම වලසාව සටහන් වී ඇත.

Annnnd this is what can happen out in nature.

ජපානයේ රූපගත කෙරුණු මෙම විඩීයෝව නරඹන බොහෝ අය දැන් මෙය ඇස් බැන්දුමක් ලෙස පවසයි. එය එසේ සිතිය හැක්කේ මේවා මෙලෙස නිර්මාණය කිරිමට නව තාක්ශනයේ ඇති හැකියාවයි.සිජී වැනි රූප රාමු සකසා මෙවැනි දැ නිර්මානය කළ හැක.

කෙලිගේ යු ටියුබ් චැනලයේද ඇත්තේ වීඩීයෝ තුනකි.(හිම මත ලිස්සා යන දර්ශන ඇතුලත්) කෙසේ වුවත් මෙය බොරු විඩීයෝවක් සේ සැලකේ. නමුත් මෙයින් ලබාදෙන වැදගත් පණිවුඩයක්ද ඇත. එය නම් සොබාදහම තුල අපූර්වත්වයක් මෙන්ම භායාංකාරයක්ද ගැබ්වී ඇත.ඔබ කුමන ආකාරයේ ක්‍රීඩාවක නිරත වුවද ඔබගේ ජංගම දුරකථනය හා ආත්මාරක්ශාව සඳහා ගෙන යන උපකරණද අමතක නොකරන්න.

Share this post with your friends!