කවදා හෝ ඔබේ ජීවිතයට අවශ්‍ය වන ආත්මාරක්ෂක ක්‍රම 13ක්!

බොහෝ දෙනෙකුට නොයෙක් මිනිසුන් ගෙන් සිදුවන කරදර හා බලපෑම් වලට මුහුණ දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැත. එවැනි අය උදෙසා මේ සඳහන් කර ඇති ආත්මාර්ක්ෂක ක්‍රම 13 බොහෝ සේ උපයෝගි වේවි.

1.ඔබ විදුලි සෝපානයක ගමන් කරමින් සිටයදි කිසිවෙකුගේ අනතුරට භාජනය වේ යැයි ඉව වැටුනොත් වහාම එහි ඇති සියළුම බොත්තම් ක්‍රියාත්මක කරන්න.එවිට හැම තට්ටුවක් මතම දොර විවෘත වන නිසා ඔබට සතුරාගෙන් මිදීමට වාසි දායක වේවි.
elevator-buttons
2.ශරීරයේ පීඩන ස්ථාන පිළිබඳ සැලකිලිමත් වී ඒවාට පීඩනය නොයොදා හැකි තරම් ඉක්මනින් ඇඟ සැහැල්ලු කර දීවීම.

3.ඔබේ මැණික් කටුව ප්‍රදේශයෙන් යම් කෙනෙක් ග්‍රහනය කරහොත් මෙම සරල උපක්‍රමය භාවිතා කොට පහසුවෙන් ගැලවිය හැකිය.
This simple movement could help you get away if someone grabs your wrist.
4.ඔබ පසුපසින් යම් කෙනෙක් පහර දීමට උත්සාහා කරනවා යැයි ඔබට හැඟුනොත් ඔබේ ගැට ගසා ඇති කොණ්ඩය මුදා ලිහිල් කරන්න. එය තුලින් ක්ෂණිකව සතුරාගේ අවධානය බිඳ ඔහුට එරෙහිව සටන් කිරීමට එය උපයෝගි වේ.
ponytail-self-defense
5.හැකි තාක් හයියෙන් කෑ ගසන්න. මන්ද ඔබේ සතුරාට අවශ්‍ය හැකි තරම් අන් අයගේ අවධානයෙන් තොර වීමටයි. කෑ ගැසිමෙන් ඔබ තුල ඇති බියද පරයා ඔබ තුලම ශක්තියක් ගොඩ නැගෙන බැවින් එය ඔබට වාසි දායක වේ.
desktop-1462385298
6.ගැට ගැසිම යනු සමාන්‍යයෙන් ඔබව හික්මවීමට ගන්නා උපක්‍රමයකි. යම් හෙයකින් ඔබ ගැට ගැසුව හොත් මෙන්න එය තුලින් මිදීමට ක්‍රමය

7.හොඳින් පහර දීමද ඔබට ඇති හොඳ ආරක්ෂක ක්‍රමයකි.
desktop-1462385314
8.ඔබ මුළුතැන්ගෙයි සිටියදි ආක්‍රමණියකුගේ පහරකට හසු විට ඔබ හොඳින් දන්නා මුළුතැන්ගෙයි උපකරණ ඔබේ ආයුධ ලෙස පාවිච්චි කරන්න. නමුත් ඔබට සැඟවීමට නිශ්චිත පෙදෙසක් ඇතිනම් හෝ 119 ට ඇමතිය හැකි නම් එවැනි සටන් වලට නොගොස් ආරක්ෂා වන්න.
desktop-1462374745
9.ඔබත් මෙවැනි අත්මාරක්ෂක මුදුවක් මිලදි ගන්න. ඔබ යම් කෙනෙකු විසින් කොනිත්තන විට ඔබ පළඳින මෙවැනි විලාසිතා උපකරණ පවා ඔබේ ආත්මාරක්ෂක ආයුධ ලෙස භාවිතා කල හැකිය.
desktop-1462374750
10.කිසි විටකත් එක ඉරියව්වෙන් නොසිටින්න. හොඳ සටන් කාමියෙකු කිසි විටක එක ඉරියව්වෙන් නොසිටි. නිතරම චලනය වෙමින් කකුල්,අත පය, දණ හිස් ක්‍රියාත්මක කරයි. එය ඔබට ජවයක් ගෙන දේ.
desktop-1462374753
11.පොර බැදිමේ කලාවන් පිළිබඳ දැන සිටිමෙන් ඔබට පිටුපසින් පැමිනෙන පහර දීමකදී ඔබට මෙය මහත් සේ ප්‍රයෝජනවත් වේවි.
desktop-1462385304

12.ඔබට කිසිවෙක් පහර දීමට උත්සාහා කරන විටම ඔහුගේ දණ හිසට පහර දෙන්න. ඒ තුලින් ඇතිවන දැඩි වේදනාව ඉමහත් නිසා සතුරා මෙල්ල කර ගැනීමට එය කදිම ක්‍රමයකි.
desktop-1462385312
13.ඔබට වෙන කිසිදු විකල්පයක් නොමැතිනාම් හැකි තාක් වේගයෙන් දුවන්න. ඔබ වේග ධාවකයෙකු නම් සතුරාට ඔබට අතවත් තැබීමට නොහැකි වේ.
desktop-1462385310
මේ සියළු ආත්මාරක්ෂක ක්‍රම ඔබට ප්‍රයෝජනවත් යැයි සිතන අතර මාර්ෂල් ආර්ට්ස් නැමැති සටන් කලාවද හැනම් ප්‍රගුණ කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

Share this post with your friends!