ඔස්ට්‍රෙලියානු වාතය කෑන් පිටින් චීනයට විකුනන්නේ ඇයි?

ඔස්ට්‍රෙලියානු නිෂ්පාදන කෙරෙහි චීනයේ වැසියන්ගේ ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යයි. විශේෂයෙන්ම අයන් සහිත් භාණ්ඩ, කුඩා දරුවන් සඳහා නිශ්පාදිත භාණ්ඩ මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. මේ වන විට ඔස්ට්‍රෙලියානු වායුව සඳහාද චීනයේ ඇත්තේ දැවැන්ත ඉල්ලුමකි.
canned-air
මෙම හේතුවෙන් සිඩ්නි හි ව්‍යවසායකයින් දෙදෙනෙක් මෙයට ඉදිරිපත් වී ඇත.ජෝන් ඩික්සන් හා තෙයෝ රයිගුක් යන අය නොමිලේ ලැබෙන පිරිසිදු වාතය බෝතල් කොට ඩොලර් 18.80 ට එක් බෝතලයක් බැගින් අලෙවි කරනු ලබයි. ඩික්සන් මහතා පවසන පරිදි ඔවුන්ට මෙම නැවුම් වාතය අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත කිරීමට වුවමනා බව වැඩිදුරටත් පවසයි.මෙම කඳු වැටි අසල හා මුහුඳ අසලින් ගන්නා පිරිසිදු වාතය නවසීලන්තය හා ටස්මේනියාවටද අලෙවි කරන අතර සංචාරකයින්ගේ ඉල්ලුමද මෙයට ලැබී ඇත. ඔවුන්ට තම මව් රටට යන විට ඔස්ට්‍රෙලියානු නැවුම් වාතය ද ගෙන යාමට හැකි වීම මෙහි ප්‍රචාරනය තවත් පුළුල් කරයි.
canned-air2
නමුත් චීන වැසියන් මෙය භාවිත කරනු ලබන්නේ සෞඛ්‍යමය හේතූන් මතය. ඩික්සන් මහතා පවසන අන්දමට චීන වැසියන් එහි ඇති අපිරිසිදු වාතය ගැන කනස්සල්ලෙන් පසුවන නිසා ඔවුන් මෙම පිරිසිදු වාතය මිලට ගැනීමට යුහුසුළුව ඉදිරිපත් වෙයි.චීන වාතය අපිරිසිදු වීමට හේතුව කාර්මීකරනය මෙන්ම මෙම අපිරිසිදු වාතය අඝ්‍රානය නිසා චීන වැසියන්ගේ ආයු කාලය අඩු වන අතර වසරකට එයින් මිය යන සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවයි. මෙය ඇඩලේඩ් හි ජන සංඛ‍යාවද ඉක්මවයි. මේ හේතුව නිසාම ඔවුන් පිරිසිදු වාතය මුදලට ගනු ලබන අතර ධනවත් චීන වැසියන් ඔස්ට්‍රෙලියාව සංචාරය කිරීමට යයි.
smog-red-alert
චීනයේ පෞද්ගලික කඩ හිමියෙක් වන විවියන් සූ මහතා පැවසුවේ ඔහු ඔස්ට්‍රෙලියානු වාතයට මහත් සේ ප්‍රිය කරන අතර ඔහුගේ පාරිභෝගිකයන්ටද එය මිලදි ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි.එක් පුද්ගලයෙක් දිනකට 23,000කට අදික හුස්ම වාරයක් ලබන අතර මෙම සැපයුම අඛන්ඩව සිදු කල හැකිද යන්න ගැටළුවකි. ඩික්සන් මහතා පවසන අන්දමට මෙම වාතය පිරිසිදු කරන ලඳ හා ප්‍රමිතිගත වාතය බවත් මෙය ලබා ගන්නා ස්ථාන අනුව මෙම වාතය එකිනෙකට වෙනස් බවත් එය ආඝ්‍රානය කරන සමහරු මෙම වෙනස හැඟෙන බවත් පවසන බව පවසයි.කෙසේ වුවද මෙම වාතය ඇසුරුම් කරන්නේද ක්‍රමානුකූල විධි ක්‍රමයන් උපයෝගි කරගෙන බව ඔහු වැඩි දුරටත් පවසයි.

Share this post with your friends!