හරි අපූරු සුදු අලි පැටවා

පරිසරය යනු හරි අපූරු ස්ථානයකි. ගහ කොළ සතා සිවුපාවන් හා නොයෙක් පැහැයන්ගෙන් පරිසරය වර්ණ ගැන්වී ඇත. පරිසරයට අනුගත හැඩයන්ගෙන් හා පැහැයන්ගෙන් අනුගතව මිනිසුන් සහ සතුන් ඇතිවේ. නමුත් සමහරක් අවස්ථාවල මෙයට පරස්පර ලෙස සොබාදහම තුළ නැති වර්ණයන්ගෙන් ඉපදෙන සතුන්ද සීටිනවා.ඔවුන්ට පැහැයක් නිශ්චිතව කිව නොහැක. එවැනි අය ඇල්බිනිසම් යන නාමයෙන් හඳුන්වයි.

මේ තත්වය මිනිසුන්ගේ හා සතුන්ගේ මෙලනින් වර්ණකය අදුවීම හා හට නොගැනීම නිසා ඇතිවන ජානමය විකෘතීමය තත්වයකි. මේ හේතුවෙන් සම, තොල්, කෙස් අමුතු පැහැයක් ගන්නා අතර සමහරෙක් හට රතු ඇස් ද පිහිටා ඇත. මෙය ජීව විද්‍යාවට අනුව දේහ වර්ණක අඩුවීම නිසාද, ඇසට නොයෙක් ආකාරයෙන් ලේ සැපයීම නිසාද මෙය ඇතිවේ. සෑම ක්ශිරපායි සතුන් 10,000කගෙන් එක් අයෙක් මෙම රෝග තත්වයෙන් පෙලෙයි. කුරුල්ලන්, උරගයින් ද මෙයට ඇතුලත්ය.

සත්ව ලෝකයේ මෙය ඉතා විරල වුවත් මෑතකදි නිකි කොයිට්ස් යන සංචාරක ඡායාරූප ශිල්පීයා මෙම ඇල්බිනිසිම් තත්වයෙන් ඉපදුණු රෝස පාට පැහැති අලි පැටවෙකු කෙළිදොලින් තම මව අසල ගැවසෙමින් ගඟෙන් දිය බොන ආකාරය තම කැමරා කාචයේ සටහන් කර ගත්තා.අප්‍රිකානු වනාන්තරයක මෙවැනි අලි පැටවෙකු දැකීම ඉතා විරල දර්ශනයකි. මෙය දැකුම් කළු දර්ශනයකි.

elephant1
elephant2
elephant3
elephant4
elephant5
elephant7
elephant8
elephant9

Share this post with your friends!