ෆෝන් එක චාර්ජ් කරන්න තියන භයානකම විදිහ මොකක්ද?

අද දවසේ ලෝකයේ කොහේ හිටියත් ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දුරකථනයේ චාර්ජ් එක හරියට තිබීමත් හරිම වැදගත්. අවාසනාවකට අපට අවශ්‍ය වන හැම තැනකදීම ෆෝන් එක චාර්ජ් කරන්න හම්බවෙන්නේ නැහැ. හැබැයි ඔබත් මේ කෙනා වගේම නිර්භීත නම් රේල් පාර පාවිච්චි කරලා ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් මේ පරීක්ෂණය බොහොම ආකර්ෂණීය එකක්.


සමහරවිට ඔබට වෙන විසඳුමක් නැතිම නම් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි. හැබැයි මෙහෙම කරන්න ගිහින් අනතුරකට ලක්වෙනවට වඩා දුරකථනය නැතුව ඉන්න එක සැපයි නේද කියා ඔබම හිතන්න.

Share this post with your friends!