වයස 78 වියැති මහළු කාන්තාවගේ ජවය- ඔබේ ජීවිතයෙහි වෙනසක් කිරීමට සමත් වේද?

30 000 කට අධික ප්‍රමානයෙන් යුත් ශාරීරික සුවතා මධ්‍යස්ථාන ඇති ඇමරිකාව තුලත් එහි සිටින වැසියන් එහි උපරීම ඵලය භුක්ති නොවිඳින බව නව සොයා බැලීම් වලදී හෙලීවිය. ජාතික සෞඛ‍ය හා පෝෂණ සෙවිම් දත්ත වලට අනුව සෑම පුද්ගල්යින් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් අධික බර වැඩිවීමෙන් හෝ ස්ථුල තාවයෙන් පෙලෙයි. දළ සංඛ්‍යාත වලට අනුව ශරීර සුවතා මධ්‍යස්ථාන වලට යොමුවන 80% ක ප්‍රමානය මාස පහක කාලයක් ඇතුලත තම සමාජිකත්වය නැවත වෙනස් කර ගනී.

මෙයින් අපට ගත හැකි අදහස නම් මිනිසුන් තවත් ව්‍යායාම කෙරෙහි යොමු කිරීමට පෙලඹවිය යුතු බවය. මෙම තත්වය උඩු යටිකුරු කරවීමට සමත් වු ෂර්ලි වෙබ්ස් නැමති කන්තාවගේ ජවය සිත්ගන්නා සුළුය. ඇය 78 වි‍යැති වියේ පසුවන අතර ඇගේ මෙම උද්වේගය රාත්තල් 225 බරක් උසුලා ඇය සිටින වීඩීයෝවෙන් හුවා දැක්විය හැකිය. මෙය නැරඹිමෙන් පසු ඔබ ඔබගෙන්ම විමසාවි ….ඔබ තවත් මන්දගාමී ඇයිද කියලා.

වෙබ්ගේ මෙම පිබීදීමට හේතුව ඇය අවුරුදු දෙකකට පෙර ශරීර සුවතා ආයතනය හා එක්වෙද්දී ඇය තුල තනිව නැගිටීමට තැත් කිරීමේදී ඇතිවු සංකූලතායි. ඇයට ඇයගේ පුහුණුකරුවන්ගේ උපදෙස් සහිතව මෙය මඟ හරවා ගැනීමට ඇතිවු තදබල අවශයතාවය නිසා ඇය සාර්ථකත්වයට පත් විය . එපමන්ක් නොව අද වන විට ඇය ඇයගේ වයසේ පසුවන්නන්ගේ වර්තා බිඳ හෙලමින් මෙය ඉදිරියට කරගෙන යයි.

මෙම සියල්ල නැරඹිමෙන් පසු ඔබට යමක් සිතෙනවාද? මෙය ඔබ තුල වෙනසක් ඇති කලේද? එසේනම් ඔබත් කැඩපත අසලටම ගොස් ඔබ දෙසම බලන්න උද්යෝගය ඇතිකරගන්න. මෙවැනි ජව සම්පන්න කතුන්ගේ අඩිපාර ඔස්සේ යන්න.

Share this post with your friends!